මියාට හිතුනු කවි සිතිවිලි

Friday, December 7, 2012

෴ මාරයා සිනාසීම ෴

**********මරුමුව අබියස ඔබ වැළපෙද්දි මාරයාගෙ වාරයවිත් ඔහු ඔබලග සිනා සෙද්දි ජිවිත කාලය පුරා ඔබ ගිලිනු ලැබූ මරණ ලද සතුන්ගෙ භූතාත්ම ඔබ වටා භ්‍රමණය වෙද්දි ඔබ බලාපොරොත්තුවන සැනසුමි  සහගත මරණයක් කොහෙ තිබෙද ??

                     සසර ගමනෙදී ඇතිකර ගන්නා අතිශය තාවකාලික සබදතා සදාතනික සබදතා ලෙස බොළද අයුරින් සලකන්නට යාමෙන් තමන් දුක්ඛ දොමනස්ස සහ වෙදනාවෙන් පිරි අති භයංකාර සංසාර සාගරයට ඇද වැටෙනු තමන්ම නොදනී . සංසාර සාගරයෙ ඇති භයංකරතාව මොනවට ඉසමතුකර පෙන්වා දුන් සමිබුදු  පියාණන්වහන්සෙට දමිසභා මණ්ඩපය තුළ එයට ඇහුමිකමි දෙමින් සිටි ඇතැමි භික්ෂුන් වහන්සෙ ලෙ වමනය කරනු දක්නට ලැබුණි . ඇතැමිහු සිවුරු ගලවා දමා අදනකඩ පිටින් දුවන්නට වූ බවද සදහන්ය.

                      උපන් දින සමරන්නන් දෙස මාරයා බලා සිටින්නෙ සිනා සෙමිනි . උපන් දින සාදවලට මැරූ සතුන්ගෙ ආයු වර්ණ , සැප , බල ප්‍රඟ්‍ය යන සියල්ල නැතිකර , තමන්ගෙ අනුවණ බොළද රගපැමි නිරතුරුව කරමින් වසරින් වසර උපන් දින හරහා මාර මුඛයට ළගාවෙන බවටත් තේරුමි ගන්න . මාරයා තමා දෙස දත් විලිස්සා බලා සිටින බව තේරුමි ගන්න එය සුබ දිනයක් වුවත් සුබ දිනයක් වශයෙන් හැකිතාක් අයගෙන් සුබ පැතුම් ලබමින් දීර්ඝායුෂ පැතිය යුතු මාරයාගෙ සැමැරුම් දිනය ජිවත්වීමට අයිතිය උදුරා ගනු ලැබෙ උදුරුවාගෙන එයට අනුබලද දී වසරින් වසර  පවත්වන විසුක දස්සන සාදවලින් ඔබ මෙතෙක් ලද ත්‍රප්තිය සතුට හෝ ඵලදායිකත්වය කුමක්දැයි පසෙකට වී මෙනෙහි කරන්න 

                        ඔබ මිරිගුවක් පසුපස දිවයන මුවපොවිවකු බව ඔබට නොවැටහෙන්නෙ අවිදු අදුරින්  සිත මුලාවි සිටින නිසාය දුර්ලභව ලබාගත් මෙම මිනිස් භවයෙන් වෙනත් කිසිදු භවයකදී සාක්ෂාත් කර ගැනුමට නොහැකි අවස්තාවක් පැහැර නොහැරීමට අදිටන් කර ගැනුමය.

                        එදිනට කළ යුත්තෙ සත්ව ජිවිත විනාශ කිරීමට දායකවිම නොව දීර්ඝායුෂ පැතීමට වර්ගභෙදයකින් තොරව හැකිතාක් සත්ව ජිවිත ශරීර ප්‍රමාණය නොතකා සත්ව අභයදානය දීමය එ සදහා මාලුවන්ට පවා ජිවිත දානය දි රැක බලා ගත හැකිය. එදිනදි කුහුබුවකු පවා තම පසට පෑගී මියයාම වළක්වාගෙන ජිවිත දානය දිය හැකිය ප්‍රඨම සිල්පදය අනුව එදින හෝ අඩු වශයෙන් නිර්මාංශව ගත කළ හැකිය එනයින් තමන්ගෙ උදරයට පිවිසෙන ජිවිත ගණනාවක් නතරකර ගත හැකිය.

                        ඉතාම සතුටින් , සැනසීමෙන් , සැහැල්ලුවෙං ආගමික වතාවත්වල යෙදෙමින් එදින ගත කල යුතුය කාගෙවත් පිළිසරණක් නැතිව කෑමට යමක් අනුන්ගෙන් යැදිමට නොහැකි කුරුල්ලන් , ලේනුන් , සුනඛයින් කොටින්ම කුහුබුවන්ට පවා ආහාරයට ගත හැකි යමක් සියලු සතුන්ගෙ කුසගිනි දුක්ගිනි ලැම්බොගිනී ( පිළි පැන්නද මංදා ^_^ )  නිවේවා යනුවෙන් ප්‍රර්තනය කොට පක්ෂින්ට උසකිනුන් මහා පොලොවෙ සිටින පෙනෙන නොපෙනෙන සතුන්ට පොළොවෙන් තැබිය හැකිය සවසට පුණ්‍ය කටයුතුවල යෙදිය යුතුය. 

                         "හක්කෙ මස් බක්කෙ දඩමස්", මත්ද්‍රව්‍ය තබාගෙන සිතට එකඟව යමෙකුට කිසිදා තමාට සෙත් පතාගත නොහැක ප්‍රධානතම වශයෙන් තමන්ට සෙත්පතාගත යුතු ප්‍රතම තැනැත්තා තමාම බව වටහා ගන්න එය සමිමා දිටිටියයි *************



ඉතිං යාලුවනෙ අදහස් තිබෙනමි කමෙන්ටි කරන්න අදහස් යොජනා චොදනා ඉතා සතුටං බාරගනිමි.......:) 



20 comments:

  1. Replies
    1. මං මුලින්ම ඔයාව මෙකට ආවට සාදරයෙං පිලිගන්නවා
      හි හි

      Delete
  2. අම්බෝ බය හිතෙනවා අප්පා.

    ReplyDelete
  3. වැදගත් කරුණු ටිකක් මතු කරන්න ගත්ත උත්සාහය අගය කරනවා..

    ReplyDelete
  4. මේ බ්ලොග් ලියන මාරයා ගැන නෙමෙයි නේද ලියල තියෙන්නේ.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  5. මියත් ඉදලා ඉදල ලියන දේවල්

    ReplyDelete
  6. එන මල්ලි දිගටම ලියමු දකින දේ නොදකින පැතිකඩ

    ReplyDelete
    Replies
    1. මුලින්ම මං අපෙ මාර යිය මෙකට සාදරයෙනි පිලිගන්නව
      අනිවාර්්‍යන්

      Delete
  7. අනේ ඇත්තටම... :D

    ReplyDelete
    Replies
    1. හැක් මෙ ඔයාගෙ බිලොග් එකට යන්න බෑනෙ අයිං කොලාද

      Delete
  8. මීයා සිදු කර ඇත්තේ ධර්ම දානයකි..

    ReplyDelete
  9. //ඔබ මිරිගුවක් පසුපස දිවයන මුවපොවිවකු බව ඔබට නොවැටහෙන්නෙ අවිදු අදුරින් සිත මුලාවි සිටින නිසාය//

    අනර්ඝයි!

    ReplyDelete
  10. මාරයා යනු ඔබගේ සෙවනැල්ලයි මන්ද දිනෙන් දින තප්පරෙන් තප්ප‍රය ඔබ ඔහුට ලගා වෙමින් ලංවෙමින් පවති විශ්වයේ ඉවසිලිමත්ම පුද්ගලයා මාරයාය

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ බුකි මාර අයියා ලඟටම ඇව්ල්ලා ;)

      Delete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)