මියාට හිතුනු කවි සිතිවිලි

Sunday, December 9, 2012

෴ දේශපාලන ඝාතනය ෴

බල්ලෙක් මැරී ඇත ගුටි කෑ ලකුණු                පෙනේ
පොල්ලෙන් පහර කෑ සලකුණු හතර              කොණේ
කොන්දක් කැඩී උඩුබැල්ලෙනී නතර             වුණේ
ඇල්සේෂන් නොවෙයි වල්සේෂන්ය               අනේ

පොල්ලක් වැටී ඇත ලේ සලකුණු                  සහිත
පොල්ලේ ඇඟිලි සලකුණු කිසිවක්                 නොමැත
බල්ලා දනී මරණය පමණක්                           සැපත
බල්ලා බලු වුණේ ඉපදෙන්නෙත්                     ඉහත

ලොකු ලොකු බල්ලො යති ලොකු ලොකු         කාර්වල
හකු හප හපා දිව නටවති                                  ජීප්වල
දැකුමට ප්‍රීයයි උඩ කරනමි                               බීචිවල
බොකු වක ගැසුණු බල්ලෝ කති                      බිලේඩිතල

අල්ලට සිඟවත් රස නැති කටු                           බුදිති
වල්කොල කකා කල් ගිය දුක                            වමාතතී
වල්සේෂන් නිසා කපුටොත් ටොකු                     අනිති
ඇල්සේෂන් නමට කුලියට උඩු                          බුරති

අයිඩෙන්ටියක් නිලයක් බලතලද                       නැතී
බෙල්ලේ පටිය පස්සෙ වලිගයද                         නැතී
ඇල්සේෂන් බලය තේජස පැතිර                        ඇතී
වල්සේෂන්ලාට මරණය ලියා                             දෙතී

බල්ලා බලු වුණෙ එරෙහිව ආ                             විටය
බල්ලා මැරෙන්නෙ පොල්ලෙ                            බලයටය
පොල්ලෙ වැකුණ ලේ පිසලන                           පිරුවටය
පිරුවටයෙ සුදට බලු මරණය                              යටය........


32 comments:

  1. අයියෝ මං මේකට උදේ දැම්මේ සින්ඩි පිටුවෙනේ බං..

    ReplyDelete
    Replies
    1. නෑනේ ඒක මදුරු දගරේ නෙව.. හැක්

      Delete
    2. හැක් හැක් එක නොවැ

      Delete
  2. අප්පා... මේක නම් මරු... නියම කවි ටික..... හි හි

    ReplyDelete
    Replies
    1. මුලිංම මං ඔයාව මෙහෙට සාදරයෙං පිලිගන්නවා

      ටැංකු ඇ

      Delete
  3. මීයෝ මරේ මරු බලු කවි ටික.

    ReplyDelete
  4. මියා නියම කවි කාරයනේ

    ReplyDelete
  5. සෝයි කවි ටික..

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හි හී තැංකු ඇ

      ඔබට ජය!!

      Delete
  6. සුපිරියි ඈ.......හිටගෙන කියූ හිටිවන කවි ..:)

    ReplyDelete
    Replies
    1. හිකිස් හිට හිට ඉදගෙන ලියන කවි ලු ඇ .....;) ටැංකු ඇ

      Delete
  7. හප්පට සිරි.. පට්ටයි නේ සනා.. සිරාම කවි ටිකක්.
    කවි ලියන කොට අග වචන ටික පේලියට ගන්න සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියනව මෙන්න මෙතන. http://aluth-malli.blogspot.com/2012/10/9.html

    බලන්න ට්‍රයි එකක් දීලා..

    ReplyDelete
    Replies
    1. හි හී තැංකු ඇ ලින්තුවට බොහොමා ස්තුතියි හොදෙ

      Delete
  8. මීයගේ කවි සෙට් එක මරු නේ. කලින් වගේම මේකත් නියමා....යි !

    ReplyDelete
  9. ඔක්කම හොදයි,බල්ලො ගැන ඇරෙන්න වෙන මොකවත් ගැන ලිව්වා නම්.. සැක්..මට ඔය සත්තු ජාතිය ඇලජික් ඇ.. දුවන්නමයි හිතෙන්නෙ දැක්කාම..

    ReplyDelete
    Replies
    1. උං ඉතිං කාටත් ඇලජික් නෙ

      Delete
  10. "අයිඩෙන්ටියක් නිලයක් බලතලද නැතී
    බෙල්ලේ පටිය පස්සෙ වලිගයද නැතී
    ඇල්සේෂන් බලය තේජස පැතිර ඇතී
    වල්සේෂන්ලාට මරණය ලියා දෙතී"


    උඹ විශ්වාස කරයිහ දන්නෙ නෑ, මට මේ සන්කල්පය මේ විදියටම ආවා. නිවාඩු වෙලාවක හදන්න හිටියෙ, උඹ මට කලින් ඉස්සර වෙලා. කැහැටු බල්ලෙක් දැක්ක වෙලාවක මට ඔය කල්පනාවම ආව :)

    ReplyDelete
    Replies
    1. හැක් හිකිස් මට නං ඔක හිතුනෙ අර කැලණියෙ ලොක්කා ගෙ රූපයක් දැක්කම

      Delete
  11. මියා මල්ලී, මරු කවිටික මේක දැක්කම මටත් මෙහෙම කවියක් ලියන්න හිතුනා මල්ලියේ. කවි කියවන්න ආයේ එන්නම්කෝ..

    බල්ලා සතෙකි හොඳ හැටි කළ ගුණ දන්න
    බල්ලා කියා ඇයි මේ හැටි අවමාන
    බල්ලා වගේ වැඩ කරනා මහතාන
    බල්ලා උඹ තමයි රටටම වින කර

    ReplyDelete
    Replies
    1. බල්ලා උඹ තමයි රටටම වින කරන

      Delete
    2. අයිලාස් අයියව මෙහෙට සාදරයෙං පිලිගන්නව ඈ මරු රිප්ල්යි කවි ටික හොදෙ

      Delete
  12. ඇඩෙනවා බන්,පට්ට කවි ටික.

    ReplyDelete
  13. athi wishishtai...
    ada thamai aawe, hiruge sindiyen..
    sthoothiyi...godatama liyanna...

    ReplyDelete
    Replies
    1. ටැංකු ඈ සාදරයෙං පිළිගන්නව සහන් අයියව

      Delete
  14. නියම කවි ටිකක්නේ දිලුම් ! කවියට වස්තු බීජය වුන කෙනා ගැන කම්පනා කරාම ඒකෙ පුදුමෙකුත් නෑ !

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)