මියාට හිතුනු කවි සිතිවිලි

Thursday, August 23, 2012

හදවත ද...?.... බුද්ධියද...?

අපිට හැමදාම ජිවිතයෙ අභියොග මුණ ගැසෙනවා. වඩාත්ම ලස්සන දෙ එ මුණ ගැසෙන අභියොග වලට මුණ දෙන ආකාරයයි. සමහර අභියොග හා තරඟ කරලා ජය ගන්නවා. සමහරකින් පැරදෙනව. කොහොම උනත් ජය පරාජය තිරණය කරන්නෙ අපෙ ප්‍රතිපත්ති හා අපි ගන්නා තිර්ණ මතයි. අපි තිරණ ගන්න ආකාරයත් විවිධාකාරයි. කෙනෙකුට සාපේක්ෂව තවත් කෙනෙකු ගන්නා තිරණ නිවැරදි හො වැරදි විමට පුලුවන්.
සමහර මිනිසුන් හැමදාමත් අභියොග එක්ක පොර බදලා වෙහෙසිලා ජිවත් වෙනවා. මා මෙහිදි සදහන් කිරිමට බලාපොරොත්තු වන්නෙ තිරණ ගැනිම සම්භන්දවයි. මගෙ නොදුටු මිතුරෙකු ඉහත ලිපියකදි සදහන් කල ආකරයට මිනිසුන් වර්ග කිපයක් සිටිනව

1. ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය
2. ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය
3. කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
4. කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය

මෙ හැමකෙනෙක්ම සමාජය පැවැත්මට අවශ්‍යයි. මෙ වර්ග වලින් වටින්නෙ කවුරුද කියන එකත් ප්‍රශ්නයක් නොවෙයි.

ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය

මෙ වර්ගයට අයත් වන අය බොහො විට භෞතිකමය අතින් ඉතා සාර්ථක අය. මෙ අයට වැරදිම බොහොදුරට අඩුයි. වැරදිමක් සිදුවුනත් එය නිවැරදි බොහො ඉක්මනින් කරගැනිම සිදුකරගන්නවා.මෙ අයගෙ ජිවිත ඉතා සංකීර්ණ කොටස් බොහො ප්‍රමානයකින් එකතුවෙලා හැදිලා තිබෙන්නෙ. මෙ අයට දුක, වෙදනාව දැනුනත් එය ටික වෙලාවකට පමණයි. එය මගහැර තමුන්ගෙ අරමුණ කරා යැමට මෙ අය පසුභට වෙන්නෙ නැහැ. ආදරය, සෙනෙහස වගෙ දෙවලුත් එතරම් දේවල් නොවෙයි. මෙ අය හැමදාම භෞතිකමය දෑ එකතුකරගන්නවා. මෙ අය තමුන්ගෙ වෘතිමය ජිවිතෙ ඉහලම තැනට ගොසින් තමයි පහල බලන්නෙ. මෙ අය තමයි " දුකයි දුකයි කියල ඇනගෙන ඉන්න එපා බුරුවො. " කියන්නෙ. මෙ අයට තියන දුක් වෙදනා අතරෙ පොඩිම දුක තමයි කාර් එකක්, තට්ටු දෙකෙ ගෙයක් , වැටුප් 120 000 විතර රස්සාවක් නැති එක. ව්‍යපාරික කේෂ්ත්‍රයෙ ප්‍රභලයින් බොහොමයක් මෙ ගණයෙ අය. මොවුන්ව මිලදී ගන්න පුලුවන්. මෙ අය බොහොවිට තිර්ණ ගන්නෙ තර්කය යොදා ගනීමින්. තමුන්ට අවාසි වෙන කිසි දෙයක් කරන්නෙ නැහැ. තිරණවල භෞතිකමය නිවැරදිතාවය ඉතා ඉහලයි.

ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය

මෙ අය බොහො විට අසාර්ථක මිනිසුන් ලෙස සාමාජයෙ අප්‍රසිද්ධ,ප්‍රසිද්ධ ජිවිත වල ජිවත්වෙනව. කාලා කරුවන් බොහො පිරිසක් මෙ ගණයට වැටෙන අතර මෙ මිනිසුන්ගෙ හිත් හරිම මෘදු මෙලෙකයි. බොහො ඉක්මනින් බිඳෙනවා, හැදෙනවා. වැරදිම් එමටයි. බොහොවිට සරල පුංචි දෙවල් වලින් මෙ අය පිරිලා ඉන්නෙ.මෙඅය වැරදිම් නිවැරදි කරගන්නවාට වඩා වැරදිම් තුල ජිවත් වෙමින් දුක, කදුලූ වෙදනා විඳගමින් අපුරු ජිවිතයක් ගෙවනව. මගහැරුනු දෙවල්, අහිමි වුනු දෙවල් තමයි මෙ අයගෙ තිබෙන එකම දෙපල. මුදල් පසුපස යනවට වඩා දුක් කරදර හොය හොය යනවා. මෙ අය ගෙ තිබෙන සියලුම දෙපල මෙ අයගෙ හිත තුල තිබෙන්නෙ. සුලු සුලු දෙවල් මෙ අයට ඉතා වටිනා දෙවල් වන අතර. බොහොවිට කලාව, සාහිත්‍ය ජිවිතය කරගන්නවා. නැත්නම් මත්පැන්. මොහුන්ව මීලදී ගන්න මොන ජගෙතෙකුට වත් බැහැ. මෙ අයගෙන් යමක් කරගන්න ඔනා නම් අල්ලස වන්නෙ හැගීම්.මෙ අය හදවතින් තිරණ ගන්න අතර තවඑකෙකුට අයහපතක් වෙන තීරණයක් කිසිවිටෙකත් ගන්නෙ නැහැ.

කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය

මෙ අය මුලින් බොහො දුර්වල අප්‍රසිද්ධ අය හටියට ඉදලා පසු කාලීනව සමජයෙ ඉදිරියට එන අය වෙනවා. මෙ අයට ලැබෙන කිර්ති ප්‍රශංසා තුල මෙ අය විශාල සතුටක් ලබනවා. මෙ අය වාඩත් වැදගත් ලෙස සලකන්නෙ ජිවත්වීමයි. වෙදනාවන් ,දුක් කදුලු , සතුට, හැමදෙයකින්ම පිරුනු කොටසක්. එකතු කිරිම ජිවිතයෙ එක කොටසක් බව පිලිගන්න මොවුන් අධ්‍යත්මික සතුට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. හැගීම් ,සල්ලි වලින් මෙ අයව හසුරවන්න අමාරුයි. මෙ අය තමුන්ගෙ සතුට, සුවය වෙනුවෙන් එකතු කරගන්න දෙවල් තමයි මෙයලගෙ දෙපල. තිරණ ගැනිමෙදි වැරදිම් තරමක් දුරට සිදුවෙනව.

කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
මෙ අය බොහො වේගයෙන් ඉදිරියට ඇවිත් එකපාර නැවතිලා ආපසු බලන අය.මෙ අයව මිලදීගන්න කොහොමටත් බැහැ. කාලයක් තිස්සෙ එකතුකරගත්තු දෙවල් රැකගනිමින් අධ්‍යත්මික දෙවල් රැස් කරන්න පටන් ගන්නවා. වෙදනාවන්, රැවටිම්, රැවැට්ටවිම් වලින් ගහන මෙහුන් බොහොවිට පසුතැවිලි වෙන අය. දුකත්,සතුටත් දෙකම සතුටක් ලෙස විදගන්න අතර සැනසීම, සරල බව තමුන්ගෙ ජිවිතයෙ ප්‍රදාන දෙ බවට පත් කරගන්නවා.

මෙ මම එකතු කරගත්තු අත්දැකීම් කිපයක් ඇසුරෙන් ලියපු දෙයක්. සමහර විට කරුණු වැරදී වෙන්න පුලුවන්,හරි වෙන්න පුලුවන්.මෙ අතර උප කොටස් වලට බෙදිමට හැකි අයත් ඉන්න පුලුවන්. මෙ අය හැමොම සමජයට වැදගත් වන අතර ඔබ මෙ ගැන හිතන ආකරයත් ඉතාම වැදගත්.