මියාට හිතුනු කවි සිතිවිලි

Sunday, December 9, 2012

෴ දේශපාලන ඝාතනය ෴

බල්ලෙක් මැරී ඇත ගුටි කෑ ලකුණු                පෙනේ
පොල්ලෙන් පහර කෑ සලකුණු හතර              කොණේ
කොන්දක් කැඩී උඩුබැල්ලෙනී නතර             වුණේ
ඇල්සේෂන් නොවෙයි වල්සේෂන්ය               අනේ

පොල්ලක් වැටී ඇත ලේ සලකුණු                  සහිත
පොල්ලේ ඇඟිලි සලකුණු කිසිවක්                 නොමැත
බල්ලා දනී මරණය පමණක්                           සැපත
බල්ලා බලු වුණේ ඉපදෙන්නෙත්                     ඉහත

ලොකු ලොකු බල්ලො යති ලොකු ලොකු         කාර්වල
හකු හප හපා දිව නටවති                                  ජීප්වල
දැකුමට ප්‍රීයයි උඩ කරනමි                               බීචිවල
බොකු වක ගැසුණු බල්ලෝ කති                      බිලේඩිතල

අල්ලට සිඟවත් රස නැති කටු                           බුදිති
වල්කොල කකා කල් ගිය දුක                            වමාතතී
වල්සේෂන් නිසා කපුටොත් ටොකු                     අනිති
ඇල්සේෂන් නමට කුලියට උඩු                          බුරති

අයිඩෙන්ටියක් නිලයක් බලතලද                       නැතී
බෙල්ලේ පටිය පස්සෙ වලිගයද                         නැතී
ඇල්සේෂන් බලය තේජස පැතිර                        ඇතී
වල්සේෂන්ලාට මරණය ලියා                             දෙතී

බල්ලා බලු වුණෙ එරෙහිව ආ                             විටය
බල්ලා මැරෙන්නෙ පොල්ලෙ                            බලයටය
පොල්ලෙ වැකුණ ලේ පිසලන                           පිරුවටය
පිරුවටයෙ සුදට බලු මරණය                              යටය........


Saturday, December 8, 2012

෴ මදුරු දගර ෴

මවාගත් පැතුමි පොදි සිහින ලොව රජ    වෙන්න
නිවාරණ වී ගියා සොහොන් බිම සැත      පෙන්න
දිවා රැ වෙහෙසුනත් ජිවිතෙ රැක              ගන්න
නිවාලිය නොහැක තුන් තිස් පැයෙ කුස    ගින්න

නිවන පිළිබදව බැතිබර සිතින් බණ         කියා
සවන නෙත විවර කර දුසිරිතට මුව           අයා
පිපෙන මල් කැකුළකට වන බඹර තුඩ      තියා
ගලන කදුළැලි නොදැක පියාඹා දුර            ගියා

සොදුරු හෙට දිනක් ගැන සිහින මතකය   ඇතත්
අදුරු සෙවණැලි පෙතේ සසලකර ගත       සිතත්
රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග      නැතත්
මදුරුවෝ රඟති දැන් මදුරු දඟරය             මතත්



අදහස් තියනවනම් කමෙන්ටි කරලා යන්න හොදෙ අදහස් යොජනා චොදනා ඉතා සතුටින් බාරගනිම්.......:)

Friday, December 7, 2012

෴ මාරයා සිනාසීම ෴

**********මරුමුව අබියස ඔබ වැළපෙද්දි මාරයාගෙ වාරයවිත් ඔහු ඔබලග සිනා සෙද්දි ජිවිත කාලය පුරා ඔබ ගිලිනු ලැබූ මරණ ලද සතුන්ගෙ භූතාත්ම ඔබ වටා භ්‍රමණය වෙද්දි ඔබ බලාපොරොත්තුවන සැනසුමි  සහගත මරණයක් කොහෙ තිබෙද ??

                     සසර ගමනෙදී ඇතිකර ගන්නා අතිශය තාවකාලික සබදතා සදාතනික සබදතා ලෙස බොළද අයුරින් සලකන්නට යාමෙන් තමන් දුක්ඛ දොමනස්ස සහ වෙදනාවෙන් පිරි අති භයංකාර සංසාර සාගරයට ඇද වැටෙනු තමන්ම නොදනී . සංසාර සාගරයෙ ඇති භයංකරතාව මොනවට ඉසමතුකර පෙන්වා දුන් සමිබුදු  පියාණන්වහන්සෙට දමිසභා මණ්ඩපය තුළ එයට ඇහුමිකමි දෙමින් සිටි ඇතැමි භික්ෂුන් වහන්සෙ ලෙ වමනය කරනු දක්නට ලැබුණි . ඇතැමිහු සිවුරු ගලවා දමා අදනකඩ පිටින් දුවන්නට වූ බවද සදහන්ය.

                      උපන් දින සමරන්නන් දෙස මාරයා බලා සිටින්නෙ සිනා සෙමිනි . උපන් දින සාදවලට මැරූ සතුන්ගෙ ආයු වර්ණ , සැප , බල ප්‍රඟ්‍ය යන සියල්ල නැතිකර , තමන්ගෙ අනුවණ බොළද රගපැමි නිරතුරුව කරමින් වසරින් වසර උපන් දින හරහා මාර මුඛයට ළගාවෙන බවටත් තේරුමි ගන්න . මාරයා තමා දෙස දත් විලිස්සා බලා සිටින බව තේරුමි ගන්න එය සුබ දිනයක් වුවත් සුබ දිනයක් වශයෙන් හැකිතාක් අයගෙන් සුබ පැතුම් ලබමින් දීර්ඝායුෂ පැතිය යුතු මාරයාගෙ සැමැරුම් දිනය ජිවත්වීමට අයිතිය උදුරා ගනු ලැබෙ උදුරුවාගෙන එයට අනුබලද දී වසරින් වසර  පවත්වන විසුක දස්සන සාදවලින් ඔබ මෙතෙක් ලද ත්‍රප්තිය සතුට හෝ ඵලදායිකත්වය කුමක්දැයි පසෙකට වී මෙනෙහි කරන්න 

                        ඔබ මිරිගුවක් පසුපස දිවයන මුවපොවිවකු බව ඔබට නොවැටහෙන්නෙ අවිදු අදුරින්  සිත මුලාවි සිටින නිසාය දුර්ලභව ලබාගත් මෙම මිනිස් භවයෙන් වෙනත් කිසිදු භවයකදී සාක්ෂාත් කර ගැනුමට නොහැකි අවස්තාවක් පැහැර නොහැරීමට අදිටන් කර ගැනුමය.

                        එදිනට කළ යුත්තෙ සත්ව ජිවිත විනාශ කිරීමට දායකවිම නොව දීර්ඝායුෂ පැතීමට වර්ගභෙදයකින් තොරව හැකිතාක් සත්ව ජිවිත ශරීර ප්‍රමාණය නොතකා සත්ව අභයදානය දීමය එ සදහා මාලුවන්ට පවා ජිවිත දානය දි රැක බලා ගත හැකිය. එදිනදි කුහුබුවකු පවා තම පසට පෑගී මියයාම වළක්වාගෙන ජිවිත දානය දිය හැකිය ප්‍රඨම සිල්පදය අනුව එදින හෝ අඩු වශයෙන් නිර්මාංශව ගත කළ හැකිය එනයින් තමන්ගෙ උදරයට පිවිසෙන ජිවිත ගණනාවක් නතරකර ගත හැකිය.

                        ඉතාම සතුටින් , සැනසීමෙන් , සැහැල්ලුවෙං ආගමික වතාවත්වල යෙදෙමින් එදින ගත කල යුතුය කාගෙවත් පිළිසරණක් නැතිව කෑමට යමක් අනුන්ගෙන් යැදිමට නොහැකි කුරුල්ලන් , ලේනුන් , සුනඛයින් කොටින්ම කුහුබුවන්ට පවා ආහාරයට ගත හැකි යමක් සියලු සතුන්ගෙ කුසගිනි දුක්ගිනි ලැම්බොගිනී ( පිළි පැන්නද මංදා ^_^ )  නිවේවා යනුවෙන් ප්‍රර්තනය කොට පක්ෂින්ට උසකිනුන් මහා පොලොවෙ සිටින පෙනෙන නොපෙනෙන සතුන්ට පොළොවෙන් තැබිය හැකිය සවසට පුණ්‍ය කටයුතුවල යෙදිය යුතුය. 

                         "හක්කෙ මස් බක්කෙ දඩමස්", මත්ද්‍රව්‍ය තබාගෙන සිතට එකඟව යමෙකුට කිසිදා තමාට සෙත් පතාගත නොහැක ප්‍රධානතම වශයෙන් තමන්ට සෙත්පතාගත යුතු ප්‍රතම තැනැත්තා තමාම බව වටහා ගන්න එය සමිමා දිටිටියයි *************



ඉතිං යාලුවනෙ අදහස් තිබෙනමි කමෙන්ටි කරන්න අදහස් යොජනා චොදනා ඉතා සතුටං බාරගනිමි.......:)