මියාට හිතුනු කවි සිතිවිලි

Wednesday, February 27, 2013

෴ ස්නයිෆර් තුවක්කූ ෴


හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භා‍විතා වේ.
ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.

.
ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමයෙ දී මොසින් - නගන්ට් (mosin Nagant) රයිෆලය රැසියානු වෙඩි තබන්නන් විසින් බහුලව භාවිතා කර ඇත. මේවායෙ දුරේක්ෂකද සවි කර ඇත. ඇමරිකානු සිවිල් යුද්ධයෙදී, සමගි සංවිධාන හමුදාවන් විසින් barrel – length three power scope mounted on the then premium British…………………………………………………………..

පැරණිතම සනයිපර් රයෆලය දිගු -දුර ˝Peep – sights˝ ලෙසින් නිර්මාණය කර ඇති අතර එය ඉලක්කගත පරාසයක දී භාවිතයට ගනී. පළමු ලෝක යුද්ධය ආරම්භයේ දී පමණක් සනයිපර් රයිෆල කරළියට ආ අතර පළමු හමුදා සනයිපර් රයිෆලය SMLE MK (HT) ලෙස කරළියට එන ලදී.දෙවන ලෝක යුද්ධ සමයේ නිර්මාණය කළ සනයිපර් සම්මත ප්‍රමාණයේ ඒවා විය. ඒවා නිවැරදිව භාවිතා කළ හැකි ලෙසට අතට හුරැ වු 2.5x ප්‍රමාණයේ දුරදක්නයක් සහිත කම්මුලේ තබා ගත හැකි වු ඇණයක් මගින් පහතට හැරවීමෙන් දුරෙක්ෂය භාවිතා කර ප්‍රහාරය එල්ල කල හැකි අයුරින් නිමවා ඇත. යුද්ධය අවසානයේ දී සියළු පාර්ශව වල හමුදා සතුව සනයිපර් රයිෆල් භාවිතා කළ හැකි පුහුණු වු සෙබළුන් විය. එමෙන්ම එදා මෙදා තුර ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදහ.

  ස්නයිෆර් උණ්ඩ හා ඒවාට යා හැකි උපරිම දුර ප්‍රමාණයන්  ( අන්තර්ජාලය ඇසුරෙන් ගත්තකි )

        පතරොම     උපරිම කාර්යක්ෂමතා පරාසය
   5.56 x 45 mm          300 – 500 m
   7.62 x 51 mm          800 – 1000 m
   7.62 x 54 mm          800 – 1000 m
           .300          900 – 1200 m
           .338          1300 – 1600 m
  .50 BMG(12.7 x 99 mm )          1500 – 2000 m
  12.7 x 108 mm (Russian)
  14.5 x 114 mm           1900 – 2300 m

෴  ලෝ පතල ස්නයිෆර් වෙඩික්කරුවන් ෴ 


වැසිලි සයිත්සෙව් ( vasily zaytsev )   

ස්නයිෆර් වෙඩ්ක්කරුවන් අතරින් ජනප්‍රියතම වෙඩික්කරුවෙකු ලෙස රුසියානු ජාතික වැසිලි සයිත්සෙව් ( vasily zaytsev )      හැදින්වෙන අතර ඔහු අතින් 242 ආසන්න පිරිසක් මිය ගිය බවට වාර්තා වෙයි 

ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන් (Corporal Craig Harrison) 

ලොව මෙතෙක් තබන ලද වැඩිම දුර ස්නයිපර් වෙඩිල්ල ලෙස සටහන් වන්නේ බ්‍රිතාන්‍ය ස්නයිපර්කරු ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන් (Corporal Craig Harrison) විසින් තලෙයිබාන් සටන් කරුවන් දෙදෙනෙකු 2009 නොවැම්බරයේදී මීටර් 2475 දුරක සිට වෙඩි තබමින් මරා දැමීමයි

සීමෝ හේහා ( Simo Häyhä )

වැඩිම පිරිසක් තම ඉලක්කයට හසුකර ගැනීමේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ දෙවන ලෝක යුධ සමයේ පින්ලන්තය ආක්‍රමණය කිරීමට ආ රුසියානු සෙබලු 542 ක් මරා දැමු පින්ලන්ත හමුදාවේ 
සීමෝ හේහා Simo Häyhä විසිනි. 
රතු හමුදාව ඔහුව නම් කොට තිබුනේ “ ධවල මරණය“ 
("White Death") ලෙසයි. ඔහුගේ කම්මුලට වැදුනු වෙඩි පහරක් හේතුවෙන් මුහුනේ වම් පැත්ත වීරෑපි වී තිබුනි.

ලුඩ්මිලා පැවලිචෙන්කෝ ( Lyudmila Pavlichenko )

කාන්තා ස්නයිපර්වරියක් ලෙස වැඩිම සතුරන් පිරිසක් මරණයට යවා තිබෙන්නේ රුසියානු හමුදාවේ ලුඩ්මිලා පැවලිචෙන්කෝ  ඇය තම ඉලක්කය 309 දෙනෙකුට මරු කැදවා ඇත

“ රහමදියේ යක්ෂයා“ හෙවත් ඇමරිකානු සීල් බලකායේ ක්‍රිස් කයිල් ('Al-Shaitan Ramad'-the Devil of Rahmadi)

ඇමරිකානු යුධ ඉතිහාසයේ වැඩිම දස්කම් දැක්වු ස්නයිපර් තුවක්කුකරු ඇමරිකානු සීල් බලකායේ ක්‍රිස් කයිල්ය. 
ඔහුගේ වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වු ගණන 255 ක් වේ. එයින් 160 ක්ම පෙන්ටගනය තහවුරු කර ඇත.

“ රහමදියේ යක්ෂයා“
('Al-Shaitan Ramad'-the Devil of Rahmadi)
ලෙස ඉරාක සටන්කාමීන් ඔහුව හදුන්වා ඇත. එලෙසම ඔහු මරා දමන්නෙකුට හෝ ඔත්තුවක් ලබාදෙන්නෙකුට ඇ.ඩො.20000 ත්‍යාගයක් ලබා දෙන බවත් ඉරාක සටන්කාමීන් විසින් ප්‍රසිද්ධ කොට තිබුනි.
ඔහුගේ විශිෂ්ඨම වෙඩි ප්‍රහාරය ලෙස සැලකෙන්නේ යාර 2100 දුරින් රොකට් ලෝන්චරයක් සහිතව පැමිනි ඉරාක සටන්කාමියකුගේ හිසටම එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයයි.
2009 දී වසර 10 ක සීල් භටයකු ලෙස සේවයෙන් පසුව 37 හැවිරිදි ඔහු විශ්‍රාම ගිය අතර ස්නයිපර් භටයකු ලෙස තම ජිවිතය පිලිබඳ American Sniper නමින් ග්‍රන්ථයක්ද එලි දක්වා ඇත. දැනට ඔහු ස්නයිපර් භටයන් පුහුණු කරන්නෙකු ලෙස රාජකාරි කරනු ලබයි.


ඉතාම මෑතක කොටි ත්‍රස්ථවාදින්ට එරෙහිව ශ්‍රි ලංකාවේ දියත් වුන මෙහෙයුම් වලදී ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් බලකායේ සෙබළුන් විශාලම දායකත්වයක් දැක්වූවා.  

ඒ හතරවන ඊලාම් යුද්ධයේදි විතරක් කොටි ත්‍රස්තයන් 2800 ක් මෙම සැඟවුනු ස්නයිපර් උණ්ඩයට ගොදුරු කර ගනිමින්. නීරෝ, කැමා,ලාරා, මරර්,පිග්මි හා සූන් යන නම් වලින් මේ විශීෂ්ඨ ස්නයිපර් කරුවන් ලංකාව පුරාම ප්‍රසිද්ධ වුනා. 
නීරෝ යන සංකේත නාමයෙන් හැදින්වුන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි නිහඩවම තම සේවය ඉටුකරමින් තම මව්බිම වෙනුවෙන් 
2009 අප්‍රේල් මස 28 දින මව්බිමෙන් සමුගත්තා... 
ඒ වන විට ඔහුගේ නිවැරදි ඉලක්කයට ත්‍රස්ථවාදින් 214 ගොදුරුව තිබුනා.. 

ඔහුට අපගේ උපහාරය!






Wednesday, February 13, 2013

෴ ගණිකා වත ෴


ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්‍යයක් නො‍‍වේ. මෙතෙක් පැවති හැමශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්‍රීක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි ශිෂ්ටාචාරය‍ට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාර‍යෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්ත‍මේන්තුව වැන්නක් මෙරට රාජ්‍ය පාලනයට එක් වූ බවට සාධක නැත.
ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්‍යායන තම කාමසූත්‍රය නැමැති ග්‍රන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්‍රේමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්‍රේමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍යම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්‍යාපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.

ගණිකාව වෙළඳ භාණ්ඩයකි.

ගණිකා වත3.gif
ගණිකා වත 2.gif
වාත්ස්‍යායනගේ ප්‍රකාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ.
ගණිකා වෘත්තියද වෙළඳ ව්‍යාපාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්‍රමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්‍ර වීම අවශ්‍ය වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍ය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය.
මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්‍රත්වය නිසා තමන්ට අවශ්‍ය විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය.
හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්‍රීතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍යයෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්‍රසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්‍රයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය.
ප්‍රීතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්‍රබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්‍යායන සඳහන් කරයි.

ගණිකාව සතු චාරිත්‍ර

ගණිකා වත8.gif
ගණිකා වත9.gif
ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි විශේෂයක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඒ අනුව ඇයගේ හැසිරීම් රටාවෙහි ප්‍රධාන ලක්ෂණය වියයුත්තේ පුද්ගලයකු තමාට ඇලුණු පසු තමා ඔහු කෙරෙහි නොඇලී ඔහු කෙරෙහි ඇලුණු තැනැත්තියක මෙන් කටයුතු කිරීමය. එබදු ගණිකාවන් පිළිබඳ පුවත්ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්‍රයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍රයා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි.
වාත්ස්‍යායන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි "මව" යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්‍රියකි. මේ කියන මව ක්‍රෑර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්න‍ට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි.
ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්‍රකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්‍රහ කළ යුතුය.
ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍ය බත්,බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය.
ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්‍රායට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්‍යායන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්‍රිය අය තමාද ප්‍රිය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්‍රියාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්‍ය වේ.
මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි මහත් රාශියක් ගැන වාත්ස්‍යායන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත් කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය.

අභිසරුවෝ

ගණිකා වත7.gif
ගණිකා වත5.gif
අභිසරුවෝ හෙවත් අභිසාරිකාවෝ නම් පුරුෂයන් විසින් සඳහන් කරන ලද තැන්වලට ගොස් ඔවුන් හමුවන ගණිකාවෝය. පැරණි සිංහල ගී කාව්‍යයන්හීදීත්සන්දේශ කාව්‍යයන්හීදීත් අපට අභිසරුවන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ.
අභිසරුවන් පුරුෂයන් සොයාගෙන ගියේ රාත්‍රී කාලයෙහිය. ඔවුන්ට රාත්‍රිය ගෙවී යෑම ඔවුන්ගේ අමනාපයට හේතු වන බව ද කිවීහු පවසති. එපමණක් නොවේ, රාත්‍රියෙහි තැන්තැන්වල ඇති ආලෝකයටද සුපුන් සඳ පහනටද ඔවුහු වෛර කරති. ඒ තමන් අනුන්ට පෙනෙතැයි යන බිය නිසා ඇතිවන්නකි. එයින් පැහැදිලි වන්නේ අභිසරුවන් තම වෘත්තිය අනුන්ට නොහැගෙන සේ රහසින් පවත්වාගෙන යෑමට රුචි කළ බවයි.
එහෙත් වාත්ස්‍යායන අභිසරුවන් ගැන පවසන කරුණු අනුව නම් ඔවුන් කවීන් පවසන තරම් බියකින් තම වෘත්තිය පවත්වාගෙන ගිය බවක් නොපෙනේ. පුරුෂයන් අභිසරුවන්ගේ පැමිණීම අපේක්ෂා කොට ඇත්තේ නළුවන්, විකටයන්, හා යහළුවන්ද සමඟ අසුන් ගනිමිනි. එහිදී ගැයුම් වැයුම්වලද ඔවුන් නිරත වූ අතර අභිසරුවන් කැඳවාගන්නා ලද්දේ දුතියන් මඟිනි. නැතහොත් පුරුෂයෝම ගොස් ඔවුන් කැඳවාගෙන ආහ.
එසේ පැමිණි අභිසරුවන් යහළුවන් සමඟින් මිහිරි වදනින්, හරවත් වදනින් යුතුව පිළිගැනීමද සිදු විය. වැසි දිනවලදී අභිසරුවන්ගේ ඇදුම් පැළදුම් තෙමී තිබුණහොත් පුරුෂයන් විසින් ඒවා සැපයිය යුතු විය. එසේම නළලෙහි තබන ලද තිලක හා පත්‍රලේඛා(සුවඳ කුඩුවලින් කම්මුලෙහි කරනු ලබන සැරසිලි විශේෂයකි.) සේදී තිබේ නම් පුරුෂයන් ඒවා සැරසිය යුතු විය.