මියාට හිතුනු කවි සිතිවිලි

Sunday, December 9, 2012

෴ දේශපාලන ඝාතනය ෴

බල්ලෙක් මැරී ඇත ගුටි කෑ ලකුණු                පෙනේ
පොල්ලෙන් පහර කෑ සලකුණු හතර              කොණේ
කොන්දක් කැඩී උඩුබැල්ලෙනී නතර             වුණේ
ඇල්සේෂන් නොවෙයි වල්සේෂන්ය               අනේ

පොල්ලක් වැටී ඇත ලේ සලකුණු                  සහිත
පොල්ලේ ඇඟිලි සලකුණු කිසිවක්                 නොමැත
බල්ලා දනී මරණය පමණක්                           සැපත
බල්ලා බලු වුණේ ඉපදෙන්නෙත්                     ඉහත

ලොකු ලොකු බල්ලො යති ලොකු ලොකු         කාර්වල
හකු හප හපා දිව නටවති                                  ජීප්වල
දැකුමට ප්‍රීයයි උඩ කරනමි                               බීචිවල
බොකු වක ගැසුණු බල්ලෝ කති                      බිලේඩිතල

අල්ලට සිඟවත් රස නැති කටු                           බුදිති
වල්කොල කකා කල් ගිය දුක                            වමාතතී
වල්සේෂන් නිසා කපුටොත් ටොකු                     අනිති
ඇල්සේෂන් නමට කුලියට උඩු                          බුරති

අයිඩෙන්ටියක් නිලයක් බලතලද                       නැතී
බෙල්ලේ පටිය පස්සෙ වලිගයද                         නැතී
ඇල්සේෂන් බලය තේජස පැතිර                        ඇතී
වල්සේෂන්ලාට මරණය ලියා                             දෙතී

බල්ලා බලු වුණෙ එරෙහිව ආ                             විටය
බල්ලා මැරෙන්නෙ පොල්ලෙ                            බලයටය
පොල්ලෙ වැකුණ ලේ පිසලන                           පිරුවටය
පිරුවටයෙ සුදට බලු මරණය                              යටය........


Saturday, December 8, 2012

෴ මදුරු දගර ෴

මවාගත් පැතුමි පොදි සිහින ලොව රජ    වෙන්න
නිවාරණ වී ගියා සොහොන් බිම සැත      පෙන්න
දිවා රැ වෙහෙසුනත් ජිවිතෙ රැක              ගන්න
නිවාලිය නොහැක තුන් තිස් පැයෙ කුස    ගින්න

නිවන පිළිබදව බැතිබර සිතින් බණ         කියා
සවන නෙත විවර කර දුසිරිතට මුව           අයා
පිපෙන මල් කැකුළකට වන බඹර තුඩ      තියා
ගලන කදුළැලි නොදැක පියාඹා දුර            ගියා

සොදුරු හෙට දිනක් ගැන සිහින මතකය   ඇතත්
අදුරු සෙවණැලි පෙතේ සසලකර ගත       සිතත්
රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග      නැතත්
මදුරුවෝ රඟති දැන් මදුරු දඟරය             මතත්



අදහස් තියනවනම් කමෙන්ටි කරලා යන්න හොදෙ අදහස් යොජනා චොදනා ඉතා සතුටින් බාරගනිම්.......:)

Friday, December 7, 2012

෴ මාරයා සිනාසීම ෴

**********මරුමුව අබියස ඔබ වැළපෙද්දි මාරයාගෙ වාරයවිත් ඔහු ඔබලග සිනා සෙද්දි ජිවිත කාලය පුරා ඔබ ගිලිනු ලැබූ මරණ ලද සතුන්ගෙ භූතාත්ම ඔබ වටා භ්‍රමණය වෙද්දි ඔබ බලාපොරොත්තුවන සැනසුමි  සහගත මරණයක් කොහෙ තිබෙද ??

                     සසර ගමනෙදී ඇතිකර ගන්නා අතිශය තාවකාලික සබදතා සදාතනික සබදතා ලෙස බොළද අයුරින් සලකන්නට යාමෙන් තමන් දුක්ඛ දොමනස්ස සහ වෙදනාවෙන් පිරි අති භයංකාර සංසාර සාගරයට ඇද වැටෙනු තමන්ම නොදනී . සංසාර සාගරයෙ ඇති භයංකරතාව මොනවට ඉසමතුකර පෙන්වා දුන් සමිබුදු  පියාණන්වහන්සෙට දමිසභා මණ්ඩපය තුළ එයට ඇහුමිකමි දෙමින් සිටි ඇතැමි භික්ෂුන් වහන්සෙ ලෙ වමනය කරනු දක්නට ලැබුණි . ඇතැමිහු සිවුරු ගලවා දමා අදනකඩ පිටින් දුවන්නට වූ බවද සදහන්ය.

                      උපන් දින සමරන්නන් දෙස මාරයා බලා සිටින්නෙ සිනා සෙමිනි . උපන් දින සාදවලට මැරූ සතුන්ගෙ ආයු වර්ණ , සැප , බල ප්‍රඟ්‍ය යන සියල්ල නැතිකර , තමන්ගෙ අනුවණ බොළද රගපැමි නිරතුරුව කරමින් වසරින් වසර උපන් දින හරහා මාර මුඛයට ළගාවෙන බවටත් තේරුමි ගන්න . මාරයා තමා දෙස දත් විලිස්සා බලා සිටින බව තේරුමි ගන්න එය සුබ දිනයක් වුවත් සුබ දිනයක් වශයෙන් හැකිතාක් අයගෙන් සුබ පැතුම් ලබමින් දීර්ඝායුෂ පැතිය යුතු මාරයාගෙ සැමැරුම් දිනය ජිවත්වීමට අයිතිය උදුරා ගනු ලැබෙ උදුරුවාගෙන එයට අනුබලද දී වසරින් වසර  පවත්වන විසුක දස්සන සාදවලින් ඔබ මෙතෙක් ලද ත්‍රප්තිය සතුට හෝ ඵලදායිකත්වය කුමක්දැයි පසෙකට වී මෙනෙහි කරන්න 

                        ඔබ මිරිගුවක් පසුපස දිවයන මුවපොවිවකු බව ඔබට නොවැටහෙන්නෙ අවිදු අදුරින්  සිත මුලාවි සිටින නිසාය දුර්ලභව ලබාගත් මෙම මිනිස් භවයෙන් වෙනත් කිසිදු භවයකදී සාක්ෂාත් කර ගැනුමට නොහැකි අවස්තාවක් පැහැර නොහැරීමට අදිටන් කර ගැනුමය.

                        එදිනට කළ යුත්තෙ සත්ව ජිවිත විනාශ කිරීමට දායකවිම නොව දීර්ඝායුෂ පැතීමට වර්ගභෙදයකින් තොරව හැකිතාක් සත්ව ජිවිත ශරීර ප්‍රමාණය නොතකා සත්ව අභයදානය දීමය එ සදහා මාලුවන්ට පවා ජිවිත දානය දි රැක බලා ගත හැකිය. එදිනදි කුහුබුවකු පවා තම පසට පෑගී මියයාම වළක්වාගෙන ජිවිත දානය දිය හැකිය ප්‍රඨම සිල්පදය අනුව එදින හෝ අඩු වශයෙන් නිර්මාංශව ගත කළ හැකිය එනයින් තමන්ගෙ උදරයට පිවිසෙන ජිවිත ගණනාවක් නතරකර ගත හැකිය.

                        ඉතාම සතුටින් , සැනසීමෙන් , සැහැල්ලුවෙං ආගමික වතාවත්වල යෙදෙමින් එදින ගත කල යුතුය කාගෙවත් පිළිසරණක් නැතිව කෑමට යමක් අනුන්ගෙන් යැදිමට නොහැකි කුරුල්ලන් , ලේනුන් , සුනඛයින් කොටින්ම කුහුබුවන්ට පවා ආහාරයට ගත හැකි යමක් සියලු සතුන්ගෙ කුසගිනි දුක්ගිනි ලැම්බොගිනී ( පිළි පැන්නද මංදා ^_^ )  නිවේවා යනුවෙන් ප්‍රර්තනය කොට පක්ෂින්ට උසකිනුන් මහා පොලොවෙ සිටින පෙනෙන නොපෙනෙන සතුන්ට පොළොවෙන් තැබිය හැකිය සවසට පුණ්‍ය කටයුතුවල යෙදිය යුතුය. 

                         "හක්කෙ මස් බක්කෙ දඩමස්", මත්ද්‍රව්‍ය තබාගෙන සිතට එකඟව යමෙකුට කිසිදා තමාට සෙත් පතාගත නොහැක ප්‍රධානතම වශයෙන් තමන්ට සෙත්පතාගත යුතු ප්‍රතම තැනැත්තා තමාම බව වටහා ගන්න එය සමිමා දිටිටියයි *************



ඉතිං යාලුවනෙ අදහස් තිබෙනමි කමෙන්ටි කරන්න අදහස් යොජනා චොදනා ඉතා සතුටං බාරගනිමි.......:) 



Saturday, November 24, 2012

෴ අම්මා ෴

හිරු නැගුනි - උදෑසන -බැසගියෙ සවස්යම

ශදද පතුරා එලිය - පෙරයමෙ නිවුන සද

ඔබ ද මා ලග සිටිය - හැරගියා නොසිතු ලෙස

සුවද දුන් මල් කැකුලු - මිලිනව ගියාද රෑ

සිනාවද පැමිනියෙ - කදුලු දි හැර ගියෙ

සතුට සමගින් රෑදි - දුක ද මා තනි කලෙ

එලිය දුන් පහන ද -නිවි යන බව හැගෙ

සුලග සිහිලස ද සෙ - උනුසුම ගෙනාවෙ

වසන්තය නිමාකර - හඩ ගසයි ගිම් කලට

සියලු දෙ හැර ගියත් - ජනිත වුදා සිටම

හද දුකින් තැවෙන විට -සිනා හඩ ගෙනෙද්දි

ඉරක් සෙ සදක් සෙ -බැස නොයා මා ලොවෙ

දිලොස් මහෙ අහන සෙ - ජිවිතෙ පුරාවට

එලිය දුන්නෙ ඔබයි අම්මා....

ඔබම මිස මගෙ ලොවට

ලංවිය හැකි කෙනෙකු වෙද.......


කිබොඩ් එකෙ තිබෙන දොශයක් නිසා හරියට ටයිප් කිරිමට අපහසුය .....
අදහස් තියෙ නම් කමෙන්ට් කරල යන්න හොදෙ...:) අදහස් ,යොජනා,චොදනා සියල්ලක්ම ඉතා සතුටින් බාරගනිමි


Wednesday, November 21, 2012

෴ සිනහව සහ ජිවිතය ෴

සිනාසෙන්න
විරිත්තන්න නොවෙ
හදවතින්ම අවංකව
නොවන්නට අනෙකාට උපහාස
සිනාසෙනු එපා යාප්පුවට උපහාසයට
නිමෙශයකින් හො අනෙකාගෙ සිත් තටු
කරන්නට
හැකිය වංක නොවනා සිනාවට
දැක සෙස්සන්ගෙ සතුට
සිනාසිය හැකි නම්
නුබෙ සිනාවෙ අරුත සැබෑය
මුහුනට සිනාසි පසුපසට අපහාසයට 
එපා සිනාසෙන්න කිසි දිනෙක
එදිනට ලොකය සිනාමල් යායක් වි
අප හදවත් පුබුදු කරාවි
එ සිනාමල් යායෙ මලක් වි
ලොව සුවදවත් කොට ලස්සන කරන්නට
කරගනිමු අදිටන් සියලු දෙන එක් වි
ජිවිත මල් ගොමුවෙ...........


අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ......:)


Tuesday, November 20, 2012

෴ යථාර්ථය ෴

මා
මිය ගිය බව දැනගත් විට
ඔබ
ඉකි ගසා හඩාව්
හැම දෙන ලොව ඉපිදි
මිය යන බව දැන ගත් විට
ඔබ දෙනෙත් කදුලු පිසදාවි
මගෙ දෙණ 
නිවසට ආ විට
ඔබ
මගෙ මතකයන් හඩගා කියාවි
හත් තුන්මස් අවුරුදු දානය දා
මුලු නිවසම සැණකෙළියක් වෙවි
ඉන්පසු
ඔබෙ ජිවිත පොතෙ
මා
උන්නද කියාවත්
ඔබට
මතකයෙ නොතිබෙවි

 

අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ....:) අදහස් යොජන චොදනා ඉතා සතුටින් බාරගනිමි



Monday, November 19, 2012

෴ අනතයෙ සත්‍යය ෴

පිපෙන වන මල් සුවද කැදවයි

අනන්තයෙ මුදු සුව විදින්නට

කුරුලු කුජන රැගෙන යයි හද

අනන්තයෙ දොර ලගට රහසින්

අනන්තය වෙත යන්න එන්නනැයි

දහස් නෙත් සිත් ඉගි කරන්නනෙ

එවන් ඉගියට රැදෙනු කෙලෙස ද

සුන්දරයි මග පාව යන්නෙ

නැත විඩාවක් නම් දැනෙන්නෙ

ජිවිතෙ සුන්දරද මෙතරම්

සතුටු හැගුමින් හද පිරෙන්නෙ

අනන්තයෙ මග නොමැත බාධා 

සුළං රැල්ලක් මෙන් දැනෙන්නෙ

මලින් සැදු මාවතෙ සත්සර 

හඩවමින් අතු ඉගි නටන්නෙ

කොතෙක් සොදුරුද අනන්තයෙ සුව

රැදුනු පසුවයි එය දැනෙන්නෙ 

රැගෙන ආ කිසිවෙකුත් නැති බව

තනිකමයි හද ඉගි කරන්නෙ

වංක ගිරියක තනි වෙලා ඇත

අතරමං වි හිත තැවෙන්නෙ

කොහෙ එන්නද කොහෙ යන්නද

නැත ඉමක් නෙතු සොයා ගන්නෙ

අතිතයෙ සුව වින්ද හදවත

තනිවෙලා මියැදිලා වැන්නෙ

හැරෙන්නට බැරි මගකි මෙ මග

පමාවිලයි සිත දකින්නෙ

ජිවිතෙ මෙ සත්‍යයයි එ

බුද්දියයි අප රැක දෙන්නෙ


ඔගොලන්ට මෙක ගැන අදහසක් තියනවනම් කමෙන්ට් කරල යන්න ...:)

Friday, November 16, 2012

෴කලු ජුලිය දවස් වල අපෙ ලොකු මාමට උන සින් එකක්෴

************* ඔන්න මන් ආයෙ මෙකට කඩන් පාත් උනා ඇ ඉතින් මන් අද කියන්න යන්නෙ අපෙ ලොකු මාමට උන සින් එකක් ගැන ඉතින් ලෙසටම හු ඇ  හිකිස් ඔගොල්ලො දන්නවනෙ කලු ජුලිය ගැන සමහරක් විට  සමහර අය දන්නෙ නැතුව ඇති ( එක 1983 කාලෙ උන සින්හල කට්ටියයි දෙමල කට්ටියයි එක්ක තිබ්බ රන්ඩුවක් ) හි හි වැඩි කතා ඔනෙ නැ කෙලින්ම කතාවට බහිමුකො ඇ

                          ඔන්න එදා කලු ජුලිය තිබ්බ පලවෙනි දවසෙද කොහෙද අපෙ ලොකු මාමා පිටකොටුව පැත්තට ගිහින් මොනාහරි බඩු ගන්න වෙන්න ඇති  එතකොට අපෙ මාම එහෙට යනකොට දෙමල අයගෙ කඩවල්වල බඩු හතර අතෙ විසික් කරල තිබ්බලු  ( ඔය අපෙ මාමා ඉලෙක්ට්‍රික් වැඩ එහෙම දන්න කෙනෙක් ) කොහොම හරි අපෙඑ මාම පිටකොටුව මොටර් කයිකලෙන් යනකොට හම්බ උනාලු හොද ජෙ.වි.සි කැසට් එකක් විසික් කරල තිබ්බත් හොදට තිබ්බලු එක ඉතින් මොකො කරල තියෙන්නෙ එක ඉතින් අහුලන් ඇවිත් එ කාලෙ  ඔය ටි වි රෙඩියො වලට ලයිසන් ගන්න ඔනෙ කියල නිතියකුත් තිබ්බලු එහෙම ලයිසන් නොකරොත් එ බඩු පොලිසියට උස්සන්න පුලුවන්ලු එක නිසා අපෙ මාමා ඔය ලග පාත තිබ්බ පොර උරයක් අරන් එක බයිසිකලෙට පැටෙව්වලු ඉට පස්සෙ ඔය එන ගමන් ඔය සල්ලිවලට කිරි පිටි පැකට් කිලො එකෙ එවා දෙකකුත් උස්සන් ඇවිල්ලා ( එහෙම කරල තියෙන්නෙ බඩු හිගවෙයි කියන බයට ) ඔහොම්ම එනකොට කොහුවල පැත්තට එනකොට එක පොලිස් කාරයෙක් අපෙ මාමව නවත්ත ගත්තලු  එතකොට එ පොලිස් කරය කිව්වලු

පොලිස් කාරයා- මොනවද ඔය ගොනියෙ තියෙන්නෙ එලියට ගන්නව තියන බඩුමුට්ටු

                         ඉට පස්සෙ අපෙ මාමා එලියට ගත්තලු ඔක්කොම බඩු වෙලාව කියන්නෙ කැසට් එක ගැන පොලිස් කාරයා එච්චර ගනන් ගත්තෙ නැල්ලු  ඉට පස්සෙ මු කිව්වලු කිරිපිටි පැකට් දෙකක් මොකටද එකක් දෙනව මට  ඉතින් අපෙ මාම මොනව කොරන්නද කිරිපිටි පැකට් එකක් දිලා මෙක එයා සල්ලි වලට ගත්ත එකක් කියල පෙන්නනත් අතෙ බිලක් නැනෙ :\


                          ඉට පස්සෙ කොහොමහරි හවස 6ය වෙද්දි අපෙ මාම ගෙදරට සම්ප්‍රාර්ත උනාලු එතකොටම අපෙ මාම නන්ගි ( එ කියන්නෙ අපෙ අම්මා ) ට කිව්වලු මදැයි කිරිපිටි පැකට් දෙකක් ගෙනාවා එකක් පොලිස් කාරයෙක් ගත්තනෙ  මුන්ව ඉතුරු කරන්න වටින්නෙ නැ  කාලකන්නි බල්ලො මුන්ව පැට්‍රොල් දාල භුමිතෙල් දාලා ගිනිතියලා මරන්න ඔනෙ ලු කියල කිව්වලු  එතකොටම එක ඇහිච්චි අපෙ මාමගෙ තාත්තා මෙහෙම කිව්වලු එතකොට උබ අනුන්ගෙ කැසට් ගෙන්නෙ එවා හොද වැඩ  එක ඇහුන ගමන් අපෙ මාමට කරකියාගන්න දෙයක් තිබ්බෙ නැල්ලු ලැජ්ජවට කාමරෙට ගියාලු පටි රොල් ඇ


අදහස් තිබෙ නම් කමෙන්ට් කරල යන්න ඇ පුලුවන්නම් ඔය බ්ලොග් එකට ජොයින් වෙලාහරි ලයික් එකක් දාල යන්නකො ; ) එහෙනම් සුබ ගමන් ඇ

           

Friday, October 19, 2012

*****ටොයිලට් චාටරෙ*****

හැක් මාස ගානකට පස්සෙ මෙකට මොකාක් හරි ඉටිගෙඩියක් දාන්න කියල ආවා ඉතින් කොහොමෙයි ලොක්කලට මටනම් එල ඇ හි හි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකො

සැ. යු . - මෙය මාස කිහිපයකට කලින් සිදුව්ව්කි

                ඔන්න දැන් ඉස්කොලෙ ඉන්ටවල් එක පටන් ගත්තා ඉතින් අපි කොල්ලො සැට් එක කැන්ටිමට ගිහින් හොදට කාල බිලා එනව ඉතින් කාල  බිලා අන්තිමට යන්නෙ අපෙ ජිවන බර නිදහස් කොරන්නනෙ ( එ කිව්වෙ ටොයිලට් එකට යැම ) ඉතින් ඔන්න ඉතින් අපි ටොයිලට් එකට ආව ඉතින් මන් වෙනදා යන එකෙ කවුදො  එකෙක් ඇතුලෙ ඉන්නවා  මු ඉතින් විනාඩි 5ක් තිස්සෙ මෙක අස්සෙ මන් ඉතින් හයියෙන් දොරට තට්ටුවක් දාල මෙන්න මෙහෙම කිව්වා ( අඩො වරෙන් ඩො එලියට ඔක අස්සෙ මගුලක් කොරනවද  )  ඔන්න ඉතින් ඔක කිව්ව ගමන් ඇතුලෙ ඉන්න එකා එලියට ආව හුටා !! කෙලියා කියපන්කො තාප්පෙට මෙක ඇතුලෙ ඉදලා තියෙන්නෙ අපි ඉස්කොලෙ අස්පස් කරන අන්කල් නෙ ඉතින් කෙලිය තාප්පෙට මෙ ටොයිලට් එකෙ ඉන්න ඔක්කොම උන් මන් දිහා බලගෙන කොක් හඩ දිලා හිනාවෙනවා සැක් එ මදිවට අන්කලයත් මා දිහා බලා  මල් හිනාවක් පැවා සැක් මොනා කරන්නද මාත් ඉතින් ඉතින් හිතලා නොවෙ නෙ කොලෙ අනිත් එක ඉස්කොලෙ අස් පස් කරන අය මල් වගෙ ඉන්න ලමයින්ගෙ  ටොයිලට් එකට එයිද හි හි ඔක තමා ඉතින් කතන්දරෙ

අදහස් තිබෙ නම් කමෙන්ට් කරල යන්නකො ( පුලුවන්නම් ෆොලො පාරකුත් දාන්නකො )


Wednesday, September 12, 2012

අපේ එකෙක්ගෙන් සුපිරිම antivirus gard එකක්



***** මම මේ ලිපිය උපුටා ගත්තේ http://sudusm.blogspot.com/2012/09/antivirus-gard.html  මෙන්න මේ බ්ලොග් ලිපියෙන්. ඔයාලට මේගැන වැඩි දුර තොරතුරු මේ ත්‍රෙඩ් එක හරහා ලබාගන්න පුලුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1480020 


ඇත්තටම මේවගේ කොල්ලො ගැන අපි ආඩම්බර වෙන්න ඕන. පොඩි හරි javascript එකක් ලියාගන්න විඳින්න ඕන දුක දන්නෙ ඒව කරන අය විතරයි. අනිත් දේ තමයි මේකොල්ල අවුරුදු 4ක් කැපකිරීම් කරල තමයි මේක හදල තියෙන්නෙ. අනිත්දේ තමයි මේක දෙන්නෙත් නො‍මිලේ. මෙයා අනුන්ගෙ ස්ක්‍රිප්ට් උස්සල තමන්ගෙ වගේ දාල පොරටෝක් දුන් කොල්ලෙක් නෙමෙයි. ඉතින් මම කියන්නේ ඇත්තටම ගීක්ස්ල කියන්න ඕන මේවගේ අයට. තාම තනියම බ්ලොග් එකකට ටෙම්පලේටයක් දාගන්න බැරි කොල්ලො කෙල්ලො දහස් ගණනක් අතරින් මේවගේ කොල්ලො දාහෙන් සම්පතක්. 

ඉතින් මම ඉල්‍ලන්නේ මේ කොල්ලට හොඳ ගමණක් යන්න එයාව දිරිමත් කරන්න, වගේම උපහාරයක් විදියට මෙයාගේ මේ නිෂ්පාදනය ගැන තමන්ගේ බ්ලොග් එකේ ලිපියක් ලියල, ෆේස්බුක් එකේ යාළුවන්ට කියල පුලුවන් විදියට උදව්වක් කරන්න. මොනව උනත් අපේ කොල්ලෙක්නේ..

හරි එහෙනම් මම උපුටා ගත්ත ලිපිය පහතින්
--------------------------------------------------------------------------

ඔහු නමින් සචිත් දනන්ජය නම් වේ. ගනේමුල්ල ප්රuදේශයේ ජිවත් වන මොහු තවමත් 20වන වියේ පසුවේ. මේ මෘදුකාන්ගය සමගින්,මෙතෙක් කල් වයිරස් ගාර්ඩ් මෘදුකාන්ග සදහා මිලියන ගනනක් මුදල් පිටරටට ගලාගිය කාලය හමාර වනු නිසැකයි.එමෙන්ම මෙය ශ්රී ලoකාවේ මෘදුකාන්ග ගමන් මගේ පෙරලියක් සනිටුහන් කරනු ඇත.

Crystal Shield Antivir 2012 ලෙස නම් කර ඇති මෙම ක්රි ස්ටල් මෘදුකාන්ගය virus guard මෘදුකාන්ගය කි.
ඔහු පවසන පරිදි මෙය සෑදීමට ඔහුට වසර4ක් ගතවී ඇත. මේ ඔහුගේම වදනින් ඔහු මෘදුකාන්ගය ගැන කරන විස්තරයකි - 


මොකක් හරි software කෑල්ලක් ගහල නමේ අගට antivirus කියල දැම්ම කියල ඒක කවදාවත් antivirus standard වලට සෙට් වෙන්නෙ නෑ.. standard antivirus එකක් කියල හදුන්වන්න නම් අවම මේ දේවල් තියෙන්න ඕන.. නැත්තම් ඒක නිකංම නිකං virus removing tool එකක් වෙනව.. 

ප්රදදානම දේ : File System Shield එක.. 
File එකක් copy වෙද්දී move වෙද්දී rename වෙද්දී suspicious actions ක්රි යාවට නංවද්දී සහ open වෙද්දී file එක scan/db සමග compare කරලා බලන්න ඕනෙ.. (* virus data base එකේ virus signatures විදියට අරං තියෙන්නෙ MD5 Technology එක ඈ.. : virus detect කරන්නෙ කොහොමද බං කියල අහන්න බලං ඉන්න කස්ටිය සදහා පමනයි ..)

FSS එක virus එකක් scan කරන ක්රhම ගොඩක් තියනව ප්රlධානම දෙක තමා string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..

heuristic scanning කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )

ආ තව දෙයක් තමා virus definition data base එකක් තියෙන්න ඕනෙ (හොද එකක්) සහ ඒක update කරන්න පුළුවන් වෙන්න ඕන.. ආ quarantine එකක් තියෙන්නත් එපැයි.. 
තව කෝටියක්‌ විතර දේවල් කියන්න නම් තියනව ඒවත් මෙතන ගහන්න ගියොත් tread එක චා වෙනව.. 


ඔහුගේ වෙබ් අඩවිය - http://sdfreeware.weebly.com/index.html


මෙන්න එහෙනං Download Links(සම්පූර්නයෙන්ම Free) –

Download From Softpedia - http://www.softpedia.com/get/Antivirus/CrystalShield-Antivirus.shtml

Softpedia එකෙන් කරපු පොඩි review එකක් - http://www.softpedia.com/progScreenshots/CrystalShield-Antivirus-Screenshot-221216.html

(ඔහුගේ ඉල්ලීම - ගන්නව නම් softpedia එකෙන් ම ගනින් වැඩේ ලේසී.. යමක් අමක් කරගන්න පුළුවන් කස්ටිය පොඩි rating පාරක් දාල උබලගෙ නම දාල review පාරක් දියන් මචන්ස්ල)

Download From cnet - http://download.cnet.com/Crystal-Shield-Antivir/3000-2239_4-75761357.html

Download From Softonic - http://crystal-shield.en.softonic.com/
(*ගූගල් එකේ සර්ච් කල විටද ඩවුන්ලොඩ් කරගත හැක.)


ඔහුව සම්බන්ද කරගැනීමට - Sachith Dhananjaya Welivita
Living Address : 384 1/2 Pokuna Junction, Ganemulla, Gampaha, Colombo, Sri Lanka
SMS Number :  +94 71 11 72 75 8
skype : sachith.sdstudios
facebook : http://www.facebook.com/sachith19920726
Email : sachith.sdstudios@gmail.com


Sunday, September 9, 2012

෴ ඉස්කොලෙ කාලෙ තවත් සින් එකක් ෴

**********  ඔන් ඉතින් මාත් දවස් 2ක 3නකට පස්සෙ හා හා පුරා කියල මෙකටත් මොනා හරි දාල යන්න කියල හිතුනා හි හි මෙකත් මන් ඉස්කොලෙ කාලෙ වෙච්ච සින් එකක් ඈ වෑඩි කතා ඔනෙ නෑ කෙලින්ම මෙකට කඩන් පාත් වෙමු ඈ හි හි ඔගොල්ලන්ට මතකද ඉස්සර පෑන් වල ක්ලිප් එක අරන් ගහපු ගෙමවල් හි හි මෙකට් අපි සෑට් එකට උනෙ ඔව ගහන්න ගිහින් තමා 

හ්ම්ම් ඔන්න එහෙනම් කතාව පටාන් ගත්තා ඔන්න අපි ඉස්කොලෙ 9යෙ වගෙ ඉන්නකොට තමා මෙ සින් එක උනෙ හ්ම්ම් ඔන්න දවසක්  එදා මහ පට්ට චුන් දවසක් ඈ අපිට හෙතුව තමා

* සිකුරාදා ( මොකො අදින් පස්සෙ දවස් දෙකක්ම නිවාඩු නෙ හිහි )
* එදා දවසෙ හොදටම වෑස්ස ( වෑස්ස නිසා අපිට උගන්නන ටිචර්ලට එන්න විදියක් නෑ ඉස්කොලෙ )
* ෆ්‍රි පිරියඩ් ගොඩායි ( ගනන් රෙද්ද ඈරෙන්න : \  ලොකෙ පෙරලුනත් මිනිහනම් එන එක එනවාමයි )

හ්ම්ම් එලස් ඔය ටික තමා චුන් වෙන්න වස්තු බිජය හ්ම්ම් දෑන් අපි ක්ලිප් ගහන්න පටන් ගත්තෙ 3වෙනි පිරියඩ් එකෙ ඉදන් පිරියඩ් 2කක්ම කට වහන් සද්ද නෑතුව බකමුනො වගෙ ඉඩ්ගියා හෙතුව තමා

*අපෙ පන්තියට එහා පෑත්තෙ 11 හෙ පන්තිය එකෙ පලවෙනි පිරියඩ් දෙකෙම ඉදියෙ අපිට ගනන් උගන්නන සෑර් කාරය මිනිහ හෙන වස බුවා ( කලින් කියල ඈතිනෙ ) ඔය වෙලාවෙ අපි දගල දගල ඉදියොත් දඩින් ඩොන් ග ගා මිනිහ ඈවිල්ල අපෙ කන් කෙටියෙන් අල්ලන් පිනාගෙ ඔෆිස්ක ඉස්සරහා දනගසොනව එක සිකුරුයි :\ ( එහෙම උනොත් විලි ලෑජ්ජාවෙ සන්තොසෙ බෑ )

ඉතින් එ පිරියඩ් දෙකම අතෑරලා අපි පිල් බෙදිලා ගෙම පටාන් ගත්තා අපෙ පිලෙ ඉදියෙ

෴අපෙ පිල෴

*මහෙල ( අපෙ එකෙ ලොක්කා )
*මම
*චතුර
*දිනෙත් 

෴අනිත් පිල෴

*අවිශ්ක 
*සන්ජිව 
*අශාන් ( මෙ ටිම් එකෙ ලොක්කා )
*ඩිලුක් 

ඔය පිලවල් හදාගෙන කතාවෙලා හදාගත්ත ඔන්න දෑණ් ලොක්කො දෙන්නා ටොස් එක ඈල්ලුවා අනිත් පිල ටොස් එක දින්නා ඉතින් ඔහොම විනාඩි 30ක් යනකොට අනිත්  පිලෙ ඔක්කොම පරාද උනා ලකුනු 570 ඔන්න ඔය කියකටද මන්ද දෑණ් මතක නෑ දෑන් ඔන්න අපෙ අය ගහන වෙලාව මන් ඉතින් ඔය පෑත්තකට වෙලා බලන් ඉදියා මන් ඉදියෙ චනුකයට එහා එකෙ එකා මට කිවුවා අන්න ගනන් සෑර් කාරයා හොරෙන් බලන් ඉදියා මුට දෑන් කියන්නත් බෑ නෙ අනිත් අයට මෙකා මෙතනට වෙලා බලන් ඉන්න කියල ඉතින් මු මන් ඉතින් එක වෑඩිය ගනන් ගත්තෙ නෑ මුගෙ බොරුවක් වෙන්න ඈති කියල කොහොම හරි විනාඩි 10ක් යන්න ඉස්සෙල අපෙ උන් අනිත් උන්ට පරාද උනා අනිත් පිලෙ උන් කොක් හඩ දිලා කෑගහනවා කොහොම හරි අර හෑන්ගිලා ඉදපු සෑර් කාරයා එක පාරටම කඩන් පාත් උනා නිකන් එලොව ගිහින් මෙලොව ආව වගෙ හුටා!! අපිටයි අනිත් සෑට් එකටයි ඈප නෑති උනා වගෙ ඩිම් උනා  කිවුවා 

සර්   -   මෙහෙ වරෙන් ඔක්කොම ටික  හිටන් ඉදපු බොරු කරන්න හදන්න එපා මන් ඔක්කොම දෑක්කා 

අපි සෑට් එක   -   යමන් ඩිලුකො මොකො වාඩි වෙලා ඉන්නෙ වරෙන් ඉල්ලන් කන්නෙ නෑතුව

සෑර්   -   මොනවද කතාවෙන්නෙ මෙහෙ වරෙන් ( සෑ මිනිහ අතෙ දඩ සයිස් පෙර කොටු කෑල්ලකුත් තියෙයි )

හි හි  කොහොම හරි අපි සෑට් එකම මිනිහගෙ පෙර කොට්ටෙන් හොදට කාල අරන් ගියා පින්නගෙ ඔපිස් එකට දන ගස්සවන්න වෙලාවට මිනිහ අපිව තිබ්බෙ එකෙ වහලෙ යටින් නෑත්නම් නොනා ඉදපු අපිට හොදට නාගන්න තිබ්බා  ( සෑ වස නොන්ඩිය කෙල්ලොත් හිනා වෙනවා පිරියඩ් 2  1/2 ම ඔතන එ මදිවට පොඩි උන් හෑපො මොනා කරන්නද හෑමදෙම වෙන්නෙ හොදටලුනෙ කියලා අපි ඔන්න ඔහෙ පිරියඩ් 2  1/2  කට පස්සෙ පන්තියට ආව සෑක් ඔක්කොම උන් වගෙ කින්ඩි හිනාවක් අපිට එල කලා )  ඔන් එහෙනම් දි එන්ඩ් ලු ඈ ආයෙ දවසක හම්බවෙමු ඈ සුබ දවසක්  ( අදහස් කමෙන්ට් කරන්න ) *********


                                                                                  



Friday, September 7, 2012

++++++෴කිදුරු අරණ෴++++++

******** ජිවිතය යථා පරිද්දෙන්  අවබොධ  කරගනු සදහා දයිවය ඔහුට ත්‍යාගයක්  දෙකක් පිරිනෑමුවෙ ය. එහෙත් පාශාණය දරන්නා සෙ ඔහු කිසිවක් දෑන සිටියෙ නෑත වස්දඩුවෙ  නාදයෙන් ද ඔහු ජිවිතය නොහදුනාගත්තෙය . තාරුණ්‍යයේ  දි ත්‍යාගයන්හි අගය නොවටහාගත් ශ්‍රාවක ( මෙහි සිටිනා ප්‍රදාන චරිතය ) නොසිතු ගැබුරක්‌ ජිවිතයෙ ඈති බව පසක් කලෙ වියපත් වන සමයෙ දි ය. 

                                              ෴ මෙහි කතුවරයා ගෑන බිදක් ෴


******* 1922 දි ජර්මනියෙ උපන් හෑන්ස් බෙම්මන් ඉවෑන්ජලිකන් පුජකවරයකු ගෙ පුත්‍රයෙකි . ඔහු ශිශයකු ව සිටිනා කාලයෙදි යුද්දය නිසා ඔහුගෙ අද්යාපනය  බිද වෑටිනි  . හෑන්ස් බෙම්මන් බොන් සරසවියෙ මහාචාර්යවරයකු ලෙස 1971 සිට 1983 දක්වා සේවය කලේ ය. 



( කිදුරු අරණ ) The Stone and the Flute 1942 දි පල වු නවකතාවකි 


Wednesday, September 5, 2012

ඉස්කොලෙ කාලෙ පස්ට සින් කොන් එකක්..

කොහෙන් පටාන් ගන්නද මන්ද  කමක් නෑ එහෙනම් එකපාරටම අපි කෙස් එකට බහිමු ඈ මෙහෙමයි ඔන්න මන් ගිය පලවෙනි ඉස්කොලෙ ගිය අන්තිම ට්‍රිප් එක ඈ එ කිවුවෙ 11 වසරෙ  ඉන්නකොට

*එක අතකට දුකයි  මොකො අපි යන අන්තිම ට්‍රිප් එකනෙ මොකො ඕ ලෙවල් වලින් පස්සෙ අපි එකට ඉන්න එකක් ඈ වෙන වෙන ඉස්කොලවලට මාරු වෙනවනෙ

*එක අතකට සතුටුයි මොකො ට්‍රිප් එකක් යනකොට ඉතින් කොහොමත් කස්ටියට ඔටො චුන් නෙ ඔය දෙක එකට එකතු වෙච්චි ට්‍රිප් එකක් තමා මෙ

****** ඔන්න ඉතින් ට්‍රිප් එක දවස කිට්ටු වෙන්න වෙන්න මුන්ගෙ ගොන් ආතල් ගෑනිල්ලත් වෑඩි උනා ( මුන් එ මදිවට ට්‍රිප් එකෙ ගිහින් කරන දෙවලුත් පෑලෑන් කරලලු ඈ ) ඔන්න ඉතින් එ දවස උදා උනා කියන්නෙ 2011 හෙ මාර්තු 19 වෑනි දින  ඔන්න අපි පාන්දර 4.15 වගෙ ඉස්කොලෙන් පිටත් උනා ( කියන්න දුකයි එක කෙල්ලෙක් ඉස්කොලෙට එන ගමන් පාන්දර එයාගෙ අම්මත් එක්ක ඈක්සිඩන්ට් වෙලා බ්‍රෙක් නෑතුව ගිහින් එයාට ඔය වෑඩෙ නිසා ඕ ලෙවල් කරන්නත් බෑරි උනා ඔක ඉතින් අපි දන්නෙත් ඉට පහුවදා අපෙ පන්තියෙ කෙලම්කාර කෙල්ලන්ගෙන් ) හ්ම්ම් දෑණ් එහෙනම් අපි ආයෙ නෑවතුන තෑනට එමු දෑණ්  අපි යන්න ඉදියෙ යාපහුවෙයි , නාමල් උයනෙයි ඔය සයිඩ් එකෙ තමා අපි ගියෙ දෑණ් කොහොමෙයි හරි 11.30 විතර අපි යාපහුවෙ ආවා ( ඔය එන ගමන් පොඩි ගොන් ආතල් වගයකුත් ගත්තා ) ඉට පස්සෙ 2.40 අපි නාමල් උයනට කඩන් පාත් උනා  ඔන්න දෑන් තමා වෑඩෙ පටාන් ගන්නෙ මන් කලින් කිවුව වගෙ ට්‍රිප් එකෙ ගිහින් කරන දෙවලුත් පෑලෑන් කරලනෙ අපෙ පන්තියෙ ඉන්නවා පට්ටම ගොන් ආතල් ගන්න එකෙක් සන්ජිව කියලා මු දෑණ් උගෙ බෑග් එකෙ හොර පොකෑට් එකක පොඩි කාලෙ ගල් බොතලයක් ගෙනල්ලා තව එකෙක් ඉන්නවා අවිශ්ක කියලා උ පොඩි ෆ්ලාස්ක් එකකට එකට හරි යන්න ප්ලෙන්ටි ගෙනල්ලා දෑණ් මුන් දෙන්නා අර ගල් බොතල් කාලට අර ටික වක් කරලා අර කෙලම්කාර කෙල්ලන්ට ටිකක් මෙහායින් සෙප් එකෙ උන්ට පෙන්න බොනව ( පොඩි පදුරක් අස්සෙ ඈ ) මෙකෙ තෙරුම දන්නව ඈති කියල මන් හිතනවා නොදන්න අයට මන් මෙ කියන්නෙ මෙකෙ තෙරුම තමා ගල් අරක්කු ප්ලෙන්ටි පාටයි නෙ එක දන්නවනෙ  දෑන් මුන් අරක්කු කියල ප්ලෙන්ටි බොනවා අර කෙලම්කාර කෙල්ලන්ට පෙන්න එතකොට මුන්  ගිහින්  අපෙ ඉස්කොලෙ ගනන් සෑර් කාරයට කිවුවා  ( එකා හෙන සෑරයි ඈ මිනිහ ගහන තෑනට අකුනක් වෑදුනා වගෙ තමා ඈ )  මුන් එක ගිහින් කිවුවහම සර් කාරය ඩිම් උනා එතකොට තව මිස් කෙනෙකුයි තවට් සර් කෙනෙක් කෙනෙක් එක්ක මිනිහ අපි ගාවට ඈවිල්ලා ඈහුවා කො සන්ජිවයි අවිශ්කයි කියලා එතකොට අපි කිවුවා අර ඉන්නෙ අතන දෙන්නම දෑණ් මෙ සෑර් ල සෑට් එකම ලහි ලහියෙ මුන් දෙන්නට කතා කලා මුන් දෙන්න ඉතින් ස්වමියාට බය වෙච්චි  බල්ලො දෙන්නා වගෙ ආවා එක පාරටම අර ගනන් සෑර් කාරයා මුන් දෙන්නගෙන් ඈහුවා තොපි දෙන්න මොනවද බිවුවෙ :O  එතකොට කිවවා සන්ජිවය මුකුත් නෑ කියලා එතකොට අර බොතලෙ තිබ්බෙ අනිත් එකාගෙ සාක්කුවෙ එතකොට බොතලෙ පාර සාක්කුවෙන් එලියට නෙරල තිබ්බ එතකොට එතනට ආපු මිස් සර් කාරයට කිවුවා මෙයාගෙ සක්කුවෙ මොනාද තියනව කියලා ඉට පස්සෙ සර් කාරයා එතනට ඈවිල්ලා කිවුව ගන්නව සක්කුවෙ තියන දෙ  මු ඉතින් එක බල්ලා වගෙ සර් කාරයට දෙනකොටම සර් කාරය කිවුවා ( අහ් !! දෑන් මෙවා නෙ බොන්නෙ ) එතකොටම මුන් දෙන්නව සර් කාරය මුන්ව අපි ආපු බස් එකට ගෙනිල්ලා මුන්ට ගහන්න හදනකොටම සන්ජිවය කියල මෙන්න මෙහෙම ( අනෙ සර් ගහන්න එපා ඔය අරක්කු නොවෙ සර් ඔය ප්ලෙන්ටි බොරු නම් ඉබල බලන්නලු  ) හු ඈ එතකොටම සර් කාරය එහෙම කරලා එතකොට සර් කාරයටයි අර මිස්ටයි විලි ලෑජ්ජාවෙ සන්තොසෙ බෑරිලු  ( සර් කාරය උන්ට යන්න දිලා ඕ සෑලරි හු ඈ අර කෙල්ලො 2න්නටත් එසෙමයි ඈ ඔක තමා ඉතින් කතන්දරෙ ඈ)

              ආයෙ පස්සෙ සෑට් වෙමු ඈ සුබ දවසක් අදහස් කොමෙන්ට් කරල යන්න ඈ

Thursday, August 23, 2012

හදවත ද...?.... බුද්ධියද...?

අපිට හැමදාම ජිවිතයෙ අභියොග මුණ ගැසෙනවා. වඩාත්ම ලස්සන දෙ එ මුණ ගැසෙන අභියොග වලට මුණ දෙන ආකාරයයි. සමහර අභියොග හා තරඟ කරලා ජය ගන්නවා. සමහරකින් පැරදෙනව. කොහොම උනත් ජය පරාජය තිරණය කරන්නෙ අපෙ ප්‍රතිපත්ති හා අපි ගන්නා තිර්ණ මතයි. අපි තිරණ ගන්න ආකාරයත් විවිධාකාරයි. කෙනෙකුට සාපේක්ෂව තවත් කෙනෙකු ගන්නා තිරණ නිවැරදි හො වැරදි විමට පුලුවන්.
සමහර මිනිසුන් හැමදාමත් අභියොග එක්ක පොර බදලා වෙහෙසිලා ජිවත් වෙනවා. මා මෙහිදි සදහන් කිරිමට බලාපොරොත්තු වන්නෙ තිරණ ගැනිම සම්භන්දවයි. මගෙ නොදුටු මිතුරෙකු ඉහත ලිපියකදි සදහන් කල ආකරයට මිනිසුන් වර්ග කිපයක් සිටිනව

1. ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය
2. ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය
3. කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
4. කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය

මෙ හැමකෙනෙක්ම සමාජය පැවැත්මට අවශ්‍යයි. මෙ වර්ග වලින් වටින්නෙ කවුරුද කියන එකත් ප්‍රශ්නයක් නොවෙයි.

ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය

මෙ වර්ගයට අයත් වන අය බොහො විට භෞතිකමය අතින් ඉතා සාර්ථක අය. මෙ අයට වැරදිම බොහොදුරට අඩුයි. වැරදිමක් සිදුවුනත් එය නිවැරදි බොහො ඉක්මනින් කරගැනිම සිදුකරගන්නවා.මෙ අයගෙ ජිවිත ඉතා සංකීර්ණ කොටස් බොහො ප්‍රමානයකින් එකතුවෙලා හැදිලා තිබෙන්නෙ. මෙ අයට දුක, වෙදනාව දැනුනත් එය ටික වෙලාවකට පමණයි. එය මගහැර තමුන්ගෙ අරමුණ කරා යැමට මෙ අය පසුභට වෙන්නෙ නැහැ. ආදරය, සෙනෙහස වගෙ දෙවලුත් එතරම් දේවල් නොවෙයි. මෙ අය හැමදාම භෞතිකමය දෑ එකතුකරගන්නවා. මෙ අය තමුන්ගෙ වෘතිමය ජිවිතෙ ඉහලම තැනට ගොසින් තමයි පහල බලන්නෙ. මෙ අය තමයි " දුකයි දුකයි කියල ඇනගෙන ඉන්න එපා බුරුවො. " කියන්නෙ. මෙ අයට තියන දුක් වෙදනා අතරෙ පොඩිම දුක තමයි කාර් එකක්, තට්ටු දෙකෙ ගෙයක් , වැටුප් 120 000 විතර රස්සාවක් නැති එක. ව්‍යපාරික කේෂ්ත්‍රයෙ ප්‍රභලයින් බොහොමයක් මෙ ගණයෙ අය. මොවුන්ව මිලදී ගන්න පුලුවන්. මෙ අය බොහොවිට තිර්ණ ගන්නෙ තර්කය යොදා ගනීමින්. තමුන්ට අවාසි වෙන කිසි දෙයක් කරන්නෙ නැහැ. තිරණවල භෞතිකමය නිවැරදිතාවය ඉතා ඉහලයි.

ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය

මෙ අය බොහො විට අසාර්ථක මිනිසුන් ලෙස සාමාජයෙ අප්‍රසිද්ධ,ප්‍රසිද්ධ ජිවිත වල ජිවත්වෙනව. කාලා කරුවන් බොහො පිරිසක් මෙ ගණයට වැටෙන අතර මෙ මිනිසුන්ගෙ හිත් හරිම මෘදු මෙලෙකයි. බොහො ඉක්මනින් බිඳෙනවා, හැදෙනවා. වැරදිම් එමටයි. බොහොවිට සරල පුංචි දෙවල් වලින් මෙ අය පිරිලා ඉන්නෙ.මෙඅය වැරදිම් නිවැරදි කරගන්නවාට වඩා වැරදිම් තුල ජිවත් වෙමින් දුක, කදුලූ වෙදනා විඳගමින් අපුරු ජිවිතයක් ගෙවනව. මගහැරුනු දෙවල්, අහිමි වුනු දෙවල් තමයි මෙ අයගෙ තිබෙන එකම දෙපල. මුදල් පසුපස යනවට වඩා දුක් කරදර හොය හොය යනවා. මෙ අය ගෙ තිබෙන සියලුම දෙපල මෙ අයගෙ හිත තුල තිබෙන්නෙ. සුලු සුලු දෙවල් මෙ අයට ඉතා වටිනා දෙවල් වන අතර. බොහොවිට කලාව, සාහිත්‍ය ජිවිතය කරගන්නවා. නැත්නම් මත්පැන්. මොහුන්ව මීලදී ගන්න මොන ජගෙතෙකුට වත් බැහැ. මෙ අයගෙන් යමක් කරගන්න ඔනා නම් අල්ලස වන්නෙ හැගීම්.මෙ අය හදවතින් තිරණ ගන්න අතර තවඑකෙකුට අයහපතක් වෙන තීරණයක් කිසිවිටෙකත් ගන්නෙ නැහැ.

කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය

මෙ අය මුලින් බොහො දුර්වල අප්‍රසිද්ධ අය හටියට ඉදලා පසු කාලීනව සමජයෙ ඉදිරියට එන අය වෙනවා. මෙ අයට ලැබෙන කිර්ති ප්‍රශංසා තුල මෙ අය විශාල සතුටක් ලබනවා. මෙ අය වාඩත් වැදගත් ලෙස සලකන්නෙ ජිවත්වීමයි. වෙදනාවන් ,දුක් කදුලු , සතුට, හැමදෙයකින්ම පිරුනු කොටසක්. එකතු කිරිම ජිවිතයෙ එක කොටසක් බව පිලිගන්න මොවුන් අධ්‍යත්මික සතුට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. හැගීම් ,සල්ලි වලින් මෙ අයව හසුරවන්න අමාරුයි. මෙ අය තමුන්ගෙ සතුට, සුවය වෙනුවෙන් එකතු කරගන්න දෙවල් තමයි මෙයලගෙ දෙපල. තිරණ ගැනිමෙදි වැරදිම් තරමක් දුරට සිදුවෙනව.

කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
මෙ අය බොහො වේගයෙන් ඉදිරියට ඇවිත් එකපාර නැවතිලා ආපසු බලන අය.මෙ අයව මිලදීගන්න කොහොමටත් බැහැ. කාලයක් තිස්සෙ එකතුකරගත්තු දෙවල් රැකගනිමින් අධ්‍යත්මික දෙවල් රැස් කරන්න පටන් ගන්නවා. වෙදනාවන්, රැවටිම්, රැවැට්ටවිම් වලින් ගහන මෙහුන් බොහොවිට පසුතැවිලි වෙන අය. දුකත්,සතුටත් දෙකම සතුටක් ලෙස විදගන්න අතර සැනසීම, සරල බව තමුන්ගෙ ජිවිතයෙ ප්‍රදාන දෙ බවට පත් කරගන්නවා.

මෙ මම එකතු කරගත්තු අත්දැකීම් කිපයක් ඇසුරෙන් ලියපු දෙයක්. සමහර විට කරුණු වැරදී වෙන්න පුලුවන්,හරි වෙන්න පුලුවන්.මෙ අතර උප කොටස් වලට බෙදිමට හැකි අයත් ඉන්න පුලුවන්. මෙ අය හැමොම සමජයට වැදගත් වන අතර ඔබ මෙ ගැන හිතන ආකරයත් ඉතාම වැදගත්.