මියාට හිතුනු කවි සිතිවිලි

Saturday, December 8, 2012

෴ මදුරු දගර ෴

මවාගත් පැතුමි පොදි සිහින ලොව රජ    වෙන්න
නිවාරණ වී ගියා සොහොන් බිම සැත      පෙන්න
දිවා රැ වෙහෙසුනත් ජිවිතෙ රැක              ගන්න
නිවාලිය නොහැක තුන් තිස් පැයෙ කුස    ගින්න

නිවන පිළිබදව බැතිබර සිතින් බණ         කියා
සවන නෙත විවර කර දුසිරිතට මුව           අයා
පිපෙන මල් කැකුළකට වන බඹර තුඩ      තියා
ගලන කදුළැලි නොදැක පියාඹා දුර            ගියා

සොදුරු හෙට දිනක් ගැන සිහින මතකය   ඇතත්
අදුරු සෙවණැලි පෙතේ සසලකර ගත       සිතත්
රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග      නැතත්
මදුරුවෝ රඟති දැන් මදුරු දඟරය             මතත්



අදහස් තියනවනම් කමෙන්ටි කරලා යන්න හොදෙ අදහස් යොජනා චොදනා ඉතා සතුටින් බාරගනිම්.......:)

21 comments:

  1. අය්යෝ මදුරුවෝ..

    ReplyDelete
    Replies
    1. එ පාර මදුරුවො ගැන දුක හිතුනද

      Delete
  2. ඔය බී.ටී.ටී. බැක්ටීරියාව ගේන එකටත් මදුරු දගරයෝ විරුද්ධ නිසා වෙන්ඩෑ ඒ ව්‍යාපෘතිය එච්චර සාර්ථක නොවුනේ !

    ගින්දර කවි සෙට් එක. දැන් නම් මොන කොයිල් එක ගෙනාවත් මදුරුවෝ අහන්නේ නෑ. අපට නම් ශෝක් එකට නින්ද යනවා !

    ReplyDelete
  3. ඇත්ත නේන්නම්..
    ෆෑන් 1 දැම්මොතින් උන් දන්නවා පියාඹන්නෙ නැතිව බිම දිගේ ඇවිත් විදින්න.. :D
    දැන් දැන් උනුත් කොයිල් වලට හැඩගැහිලා වගෙ..

    බ්ලොග් 1 ස්ක්‍රෝල් කරන්න බෑනෙ වෙලාවකට.. :(

    ReplyDelete
    Replies
    1. ඔව ඉතිං බිලොග් එකෙ මොකක්ද අවුල කිවිවෙ මගෙ එකෙ අවුලක්ද

      Delete
  4. කවි ටික නියමයි දිලුම්

    ReplyDelete
  5. //රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග නැතත්
    මදුරුවෝ රඟති දැන් මදුරු දඟරය මතත්//

    නියම අදහසක් නේ මේක. කවි ටික එල!

    ReplyDelete
  6. මරු අදහසක් නේ..ජයවේවා.

    ReplyDelete
  7. හි හි.. නියමයි ඈ..

    ReplyDelete
  8. හි හී ටැංකු ඇ

    ReplyDelete
  9. මදුරී මදුරී මොකක්ද ඒ??? :P
    සන්කල්පනාව නම් බෝම අගනේයැ:)

    ReplyDelete
    Replies
    1. අඩෙ මුදියා මුලිංම උබව මෙ පැත්තට සාදරයෙං පිලිගන්නව

      හි හී මදුරි එ කවුදැ ටැංකු ඇ

      Delete
  10. මදුරුවා රඟති කොයිලය ඉස්මත්තේ
    බැරුවා උනත් දැන් ඉන්නට බඩගින්නේ
    බැරුවා බොන්ට මේ විෂ ලේ මිනිසුන්ගේ
    මැරුණා සැපයි විෂ ලුම් මැද බඩගින්නේ

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)