තැන තැන කතාවෙති මුල මැද අග නැතිව
නාමය අසා ඇත හේතුව අමතකව
අවුලක් වත් වෙයිද බැලුවෙමි සැකමුසුව!
මෙයින් දශක පහකට හයකට ඉහත
කොල්ලන් කුරුට්ටන් ලෙස නිදහස සහිත
ගත කළ දවස ගම රට ගෙවමින දසත
තාපස නිකායෙක බිහිවීමය විපත !
අහසින් වඩින දෙස තාපස නා සමිද
විමසෙල්ලෙනි වතුර බ්සමකට නැමද
ඒ ඒ මුත්තරා බොති වළදති පොරි විලද
අද ගස් මිදින්නා හෙට තවුසෙකි එසද !
සොහොන් රෙද්ද කොස් පඬු පොවනා ලදුව
පොරොවා සක්මනද නොදැනෙන ලෙස පොළොව
මිනී පිටියෙ ධර්මාසනයට මතුව
දෙසූ බණ අසා ගම යති තපසට පසුව !
පන්සල් වැහෙන දානය නොමදෙන තැනට
අරහං වුණා සාසනයද පමණෙකුට
තාපස නා සමිදු සිය දැහැනින් නැගිට
කරකාරයක් කර්ගෙන වැටුණයි බිමට !
එකී නෙක දශකයට නෙක මුහුණින් යුතුව
හොල්මන් පහළ වෙති සපුරන්නට අඩුව
ලත්තැන ලොප් වුණත් බල ශක්තිය මදව
මහ අනතුරක් විය අවුරුදු තිහ ගහව !
අග හිග කරගහත් ජිවන ගමන යන
අප යන අතර මග හිරු සදු දෙකට බැන
සිහිනෙන්වත් නොපැතු පැතුමක් ඇහිද ගෙන
හලාල් සහතිකය ඇත මෙහි පැම්ණෙමින !
යහපත් දහමෙක්ය ඉස්ලාමය නැමැති
ලක්වැසි බොදුන්වන් මුව ගරුකොට තකති
එම දහමට අනුව ආහාරෙට කැමතී
මසවුළුවලට පොදු ලේබලයක් ගසතී !
එම ලේබලය දත් බුරුසුවටද වදින
තරමට ඔසවත්දි කුතුහලයට පැමිණ
මහ සගරුවන අකැනැත්තෙන් වුව එදින
අදහ්ස් පළ කළො එහි කෙළවර ඇදින !
පාලක පන්තියද දෙස්පලු උදවියද
වෙන වෙන කතා බහවල දුව පැන ඇවිද
ජාතික පැනයෙකදි මෙතරම් නිස්සද්ද
නොදනිමු ඇට් කෙසෙල් හෙම ගිලලාවත්ද !
උලමා සංවිධානය බොදුබළ සේනා
කතිකාවකය ජනතාවට බලපානා
කොයියම් දෙයක් වුව විසදන්නට ඕනා
සාමය සමගියෙන් මිස අරගල වානා !
බැට කෑ ජාතියෙක ඉපදි තාම කන
මිනිසුන් හෙයින් අදුනමු අසමගියෙ හෙණ
වියහුන් ධනවතුන් නොව අප හිතට එන
විසදුම බොහොම සරළය එය අසනු මැන !
ඉස්ලාම් බැති මතුනි අන් අය ගැනද හිතා
හලාල් යන්න ඇදි ලොකු අකුරින්ම ඉතා
පිලිහුඩු විකුණන්න එම දවටනය ඔතා
රුචි අය ගනිති අප ගැන ගැටළුවක් නැතා !
ප.ලි - මෙයට අදහස් දුන් මා සමග එකට වැඩකරන සුපුන් සුදාරක සහෝදරයාට මාගේ ප්‍රණාමය










