* ජීවිතේ හැමදාම ඔහේ ගලනවා . ඒ රිද්මය වෙනස් කරන්න ඉදිරිපත් වෙන්නේ බිහිම ටික දෙනයි . ඒ ඉදිරිපත් වෙන සමහරු වීරයෝ . තවත් සමහරු හොඳ හොඳ පොරවල් . අනිත් කට්ටිය තමයි පිස්සෝ කියන්නේ . වීරයෙක්ට හැමතිස්සෙම ආර්ට් එහෙකුයි , දර්ශනයකුයි තියෙනව , පිස්සෙක් අරමුණක් නැතිව ඔහේ කියෝනවා ( මං වගේ ) , පොරක් කියන්නේ අනිත් අයව විවේචනය කරමින් තමන්ට හීන හදාගන්න දඟලන කෙනෙක් , පොරක් හැමතිස්සෙම පරමාදර්ශී චරිතයක් හඹාගෙන ගිහින් තමන්ට තත්වයක් හදා ගන්නවා
ශ්‍රී ලංකාවේ සමාජය ගත්තම හරියට ළිං කටක් වගේ . ළිං කටකා වැටුණු මිනිහෙක් ඒ ළිං කටෙන්ම ගොඩ එන්න ඕන . නැත්නම් මේ සමාජ ක්‍රමය ඇතුලේ ඒ මිනිහා අන්ත අසරණ වෙලා නන්නත්තාර වෙනවා . වීරයෙක් කියන්නේ ජීවිතේ විඳපු කෙනෙක් වගේම විඳවපු කෙනෙක් . වීරයෙක්ගේ " ආත්මය "පෙනේරයක් වගේ හිල්වෙලා තියෙන්න පුළුවං . දහදොලොස් වතාවක් කාලකන්ණී වෙල තියෙන්න පුළුවං ඒ වගේම නාස්ති වෙලා තියෙන්න පුළුවං . චරිතේ කැතවෙලා තියෙන්න පුළූවං . ඒත් හැම මොහොතකම වීරයෙක්ට හෘද සාක්ෂියක් තියෙනවා .
මේ ලෝකේ කවුරුහරි තමන් දරන සිද්ධාන්ත , මතිමතාන්තර නිසා බොහෝ දෙනෙක්ගේ ඇණුම් , බිණුම් වලට ලක්වෙනවා නම් , කිසියම් වටිනාකමක් ඒ පුද්ගලයාට ලැබෙනවා ඒ අය තමයි වීරයෝ . සමාජයේ ඝන පතුල බිඳෙන බිඳගෙන , සමාජ අසාධාරණයට එරෙහිව සැබෑ හඬක් නගන්න පුළුවන් වීරයෙක්ට විතරයි
සමනළයෙක් වෙන්න හීන දකින මිනිස්සු , සමනළයෙක් වගේ ජීවත් වෙන්න හිතපු මිනිස්සු යුධ සෙබළුන් ලෙස මිනිසුන් මරාගන්නා යුද්ධයකට හවුල්කරුවන් කරගත් රටක් මේක , ඉතිං ඒ හැමදේම එක්ක වීරයෝ හුඟක් රටට අහිමි වුණා අන්තිමට ඉතිරි උනේ " පොරවල් " විතරයි ඒ පොරවල් ටිකක් බළයෙන් , ධනයෙන් , ලිංගිකත්වයෙන් මත්වෙලා බලවාදී හීන ලෝකවල මොණර කොළවලින් චාතූර්මහා ආජික හදාගෙන පැත්තකට වුණා මොණර කොළ හිංදා සමහර වීරයන් නිවටයෝ වගේ පැත්තකට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න පුරුදු වුණා.
දේදුන්නේ පාටක් වගේ , පියාඹන ලස්සන කුරුල්ලෙක් වගේ , ගාඩිනියා මලක සුවඳ වගේ.සේපාලිකා බුමුතුරුණක් වගේ... පිස්ස්ක් හැම වෙලාවෙම ජීවත් වෙන්නේ ෆැන්ටස් එහෙක . ප්ලේටෝ කියන විදියට නම් මිනිහෙක් විනාශ කරන්න ඉස්සෙල්ලා දෙවියන් ඒ මිනිහව පිස්සු වට්ටනවලු . ඒ කතාවේ ඇත්ත නැත්ත දන්නේ ඉතිං ප්ලේටෝම තමයි . සමහරු කියන්නේ ප්ලේටෝත් එක්තරා ආකාරයක පිස්සෙක් කියලා... එහෙම බැලුවොත් ඉතිං දාර්ශනිකයෝ කියන හැමකෙනාම පිස්සෝ වෙනවා...
ඇත්ත කාරණය ඇතුලේ වීරයන්ට හා උන්මත්තකයන්ට ජීවිතය ගැනවත් , මරණය ගැනවත් බයක් නැහැ. වීරයෝ හා උන්මත්තකයෝ අනතුරු ගැන තැකීමක් කරන්නෙත් නෑ . ඒගොල්ලෝ අනිත් අය කියන දේවල් අහන්නෙත් නෑ තමන්ට කැමැති දේ විතරක් කරනවා . පිස්සෙක් සියදිවි නහගන්නවා . වීරයා අරමුණක නාමයෙන් ජීවිතය පූජාකරනවා ඉතිං මේ දෙන්නම මැරෙනවා . වීරයන්ගේ හා පිස්සන්ගේ මුග්ධත්වයත් , විශිෂ්ටත්වයත් ගැන දවල් රෑ නැතුව සිතමින් පොරක් කල් ගෙවනවා තමන්ගේ ආරක්ෂණ පවුර උඩට නැගලා බාහිර ලෝකය දිහා බලන්න තරම් දහිරියක් පොරකට එන්නේ මේ මොහොතෙදි විතරයි . ඒ උනාට අත් පා පීඩාවට පත්වෙලා ආපහු පුරුදු ජීවිතයටම පොරක් පල්ලම් බහිනවා .
හැබැයි ඉතිං ඇත්ත කාරණෙ ඇතුලේ බොරු ආරූඬ නැතිව අපි අපි වෙන්න ඕන . එතකොට ජීවිතේ ගොඩක් නිදහස් , ඒ වගේම සැහැල්ලුයි . ඒකට තමයි හැබෑ " මනුස්සකම " කියන්නේ
Subscribe to:
Post Comments (Atom)
හ්ම් හ්ම්...
ReplyDeleteජීවිතේදි හැමදේම තියෙනවා...
වීරයෙක් වෙනවට වඩා හොඳයි උන්මත්තකයෙක් වෙන එක....
ReplyDeleteහැබැයි උන්මත්තකයයි, පිස්සයි කියන්නෙ දෙන්නෙක්...
දැන් කාලේ වීරයෝ වෙලා වැඩක් නෑ.. ඒ හන්දා පිස්සුව හොදයි..
ReplyDeleteමම ජීවිතේ සීරියස් ගන්නෙ නැතුව ජීවත් වෙන්නෙ.
ReplyDeleteඅඩු බලාපොරොත්තු, වැඩි මධ්‍යස්ථ බව, ඔබව ජීවත් කරවයි.
ජය !!
සමහර වීරයෝ නිහඬව ඉන්නේ පිස්සොත් එක්ක හැප්පිලා පලක් නැති නිසා වෙන්න ඇති.
ReplyDeleteකමෙන්ට් වලට උත්තර කෝ ........
ReplyDelete