මියාට හිතුනු කවි සිතිවිලි

Showing posts with label කොස් ඇට මියාගෙ රස කතා. Show all posts
Showing posts with label කොස් ඇට මියාගෙ රස කතා. Show all posts

Friday, May 31, 2013

෴ පරාණ කාරයා ෴

************ එම සන්දෑව ගැබ්බර අහස වේදනාවෙන් හඬ තළමින් පැවතියේය. යසෝහාමි මිය ගිය පුවත ගම මත පතිත හෙණයක වෙස් ගත්තේය . රෝගාතුර වී සිටියද ඇය මෙතම් ඉක්මනට මිය පරලොව යතැයි කිසිවෙක් නො ඇදහූහ . යසෝගාමිගෙ නිවසට රෑස් වූ සැමගේ මුහුණේ සනිටුහන් වූයේ එම අරුමයයි..

************ඇයගේ දියණියන් වන පේමලතා සහ සිරියලතා එකිනෙකා පරයමින් ළතෝනි නැගූහ.සිරිපාල හා යසපාල පුතුන් දෙදෙනා හඬ නොනැගෙනසේ වැලපුනහ. සැමියා සාදිරිස් මුදලාලිගේ ;) වැලපීම පිරිමියෙකුට නොතරම් විය . මාපියන් අනුව යමින් මුණුපුරු මිණීපිරියෝද තරඟයට මෙන් ළතෝනි නැගූහ . ඔවුන් අස්වැසිමට කිසිවකු ඉදිරිපත් වූ බවක් නොපෙණින . මරණය ඇසූ මොහොතේ ඇති වූ කම්පනය මදක් හඬාදොඬා හෝ අඬුකර ගැනීම මැනැවැයි සියල්ලෝම සිතන්නට ඇත .


************යසෝහාමිට වැළදී  තිබුණෙ සුව කළ නොහැකි පිළිකා රෝගයක් වූවද එය එසේ යැයි පිළිගැනීමට ඇයගේ දුවා දරුවෝ සූදානම් නොවූහ ඔවුන්ගේ ඒකයන අදහස වූයේ ඇයගේ රෝගයට හේතුව එදිරිවාදියෙකු විසින් කරන ළද කොඩිවිනයක ප්‍රතිළුලයක් බවයි. කොතෙකුත් බෙහෙත් හේත් කළ ද රෝගය සුව නොවූ කළ ඔවුන්ගේ මෙම විශ්වාසය මල් ළුල ගැණීන . ඇයගේ අවසාන මොහොත එළැඹීයේද ඇය තෙල් සාත්තුවක් හදහා ගුරුන්නාන්සේ කෙනෙකු වෙත රෑගෙන යමින් සිටියදීය.

***********රෝගතුරවීමට ප්‍රථම කාගේත් ඕනෑ එපාකම් සදහා තම කාළයත් ශ්‍රමයත් කැප කල යසෝහාමිගේ අවසාන කාලයේදී ඇයගේ සැපදුක් බැලීමට නෑදෑයන්ට මෙන්ම අසල්වාසීන්ටද  ඉඩක් ලැබුණේ නැත. එය එසේ වූයේ යසෝහාමිගේ සුවදුක බැලීමට එන යන ජනී ජනයා හේතුවෙන් කිළි අසුවීමෙන් ඇය වෙත කරන ලද ශාන්ති කාර්මයෙහි බල  බිදෙතැයු දූ දරුවන් තරයේ විශ්වාස කළ නිසාය.

***********යසෝහාමිගේ මරණය සැලවූ අසල්වාසීහූ වඩාත් කම්පා වූයේ ඇයගේ අවසාන කාලයේ ඔවුනට ඇය වෙත පැමිණ සැපදුක බැලීමට හෝ ඇය හා වචනයක් දෙකක් දෙසීමටවත් අවසර නොලැබුණ නිසාය . අවසාන කාලයේ ඇයගේ සුවදුක් විමසීමට ඉඩ නොදීම පිලිමදව තැන තැන රෑස් වූ පිරිස් ප්‍රසිද්ධියේම යසෝ හාමිගේ දූ දරුවන්ට දොස් දොවොල් නැගුවෝය

***********රෝහලෙන් මල් ශාලාවටත් මල් ශාලවෙන් අවමංගල රථයටත් සීරුවෙන් මාරු වූ යසෝහාමිගේ පරාණකාරයා දේහය හා සමගම නිවස වෙත ළඟා විය . දේහය සාලයේ තැන්පත් කළ සැනින් විලාප නගන සැමියාත් දූ දරුවනුත් මුණූපුරු මිණිපිරියනුත් අස්වසනු රිසියෙන් ඔවුන් වෙත මරුවෙන් මාරුවට පරාණකාරයා ළං වූ නමුදු එක් ස්ථානයක රෑදී සිටීමේ හැකියාවක් පරාණකාරයට නොවීය . එහෙයින් තැන තැන පාවී යනු වළක්වා ගනු වස් පරාණකාරයා දෙන ඉහළ වියන මත ලැගුම්ගත්තේ එහි සිදුවන දෑ හරියාකාරවම පැහැදිලිවම දැකබලා ගැනීම සදහා  සුදුසුම ස්ථානය එය වග පසක් කොට ගත්තාක් මෙනි .

***********වරින්වර සිහසුන්ව ඇද වැටෙමින්ද අඳෝනා නගමින්ද ඔවුන් වැළපෙන අයුරු දුටු පරාණකාරයා මොවුන් තමාට මෙතරම් ආදරය කළ වග මෙතුවක් දැන නොසිටීම පිළිබඳව කනස්සල්ලට පත්විය. ඉඳීන් කෙසේ නම් මොවුන් හැර දමා යන්නද ?  නැත . මොවුන් හැරදමා යා යුතු නැත . මියගියද ඔවුන් පසුපසම සැරිසරමින් ඔවුන්ගේ  දුක සැප සොයමින් මෙහිම වාසය කළ යුතු යැයි  පරාණකාරයා තීරණය කළේය . සාලය මැද උඩුකුරුව දෙන තුළ වැතිරී නිදන තම ශරීර තූඩුව දෙස පරාණ දෙස පරාණකාරයා බලා සිටියේ විමතියෙනි . එය බොහෝ සෙයින් විකෘති වී තිබුණී . දින කිහිපයකට සරිලන සේ එම්මබාම් කොට තිබූ සිරුර වියළි දර ඉපලක් සිහිගැන්විය . සිරුර එසේ වූවද දෙන වැසී යන තරමටම පණ ගැහෙන සුවඳමලින් සරසා තිබූණේය . පරවී හැලෙන මල් සඳහා මෙතරම් මුදලක් වැය කිරීම පිළිබදව පරාණකාරයාට ලෝභ සිතුණී . කවදත් තමා සම්බන්ධ සෑම කටයුත්තකදීම අත මිට දිඟ හැට විය පැහැදම් කිරීමට පසුබට නොවන සාදිරිස් තමාගේ මළගමෙහි සැරසිලි වෙනුවෙන්ද හැකි ඉහළම අයුරින්  විය පැහැදම් කරන්නට ඇතැයි පරාණකාරයා කල්පනා කළේය .

*********විටින් විට පැමිණ දෙණ දෙස බලා සිටිනා සාදිරිස් දෙස පරාණකාරයා බලා සිටියේ මහත් කණගාටුවෙනි . තමාගේ මරණයෙන් මෙලොව වඩාත්ම කම්පාවට පත්වන තැනැත්තා සාදිරිස්  බව පරාණකාරයා දනී . ඇය හොද සුවයෙන් සිටි කාළයේ තමාට හැකි උපරිම අයුරින් සාදිරිස් වෙත ආවතේව කළ අයුරු පරාණකාරයට සිහිවිය .සාදිරිස් මුදලාලී ද යසෝහාමි ඉල්ලූ හැම දෙයක්ම සෑම විටම නිර්ලෝභීව ඇය වෙත ලබා දුන්නේය . හැකි ඉහළම අයුරින් තමාගේ අවසාන කටයුතු කිරීම සාදිරිස් මුදලාලිගේ අභිලාශය විය යුතු යැයි  පරාණකාරයා කල්පනා කළේය .අවසන් ගෞරව දැක්වීම සඳහා දෙන වෙත පැමිණෙන නෑයන් ,  හිතවතුන් මෙන්ම අසල්වැසියන් දෙස පරාණකාරයා බලා සිටියේ විමසිල්ලෙනි . ඔවුන්ගේ  මුහුණෙහි ගම්‍ය වූ ශෝකී විලාශය හැබැහින්ම හදවත තුළත් පවතින්නේදැයි වටහාගැනීමට පරාණකාරයා අපොහොසත් විය.

**********දැන් දැන් සියල්ලන්ගේම හැඬුම නතර වී ඇත . නිවසට යන එන අය පිළිගැනීම , ඔවුන්ට සංග්‍රහ කිරීම  , මරණය සිදිවූ අයුරු විස්තර කථනයෙහි යෙදීම , ඉතිරි වැඩ කටයුතු පිළීබඳව සංවිධානය කිරිම ආදියෙහි නිරත වූ සාදිරිස් සහ දුවා දරුවන්ට දැන්  ආදාහානාගාරය වෙත ගමන් ඇරඹිමට ප්‍රථම පරාණකාරයද අවමංගල රථය තුළට රිංගා ගත්තේය දෙන ආදාහනාගාරය තුළට ඇතුළු කොට ගිනිදැල්වීමක් සමඟ රෑස්වූ පිරිස් ක්‍රම ක්‍රමයෙන් විසිරී යන්නට වූහ . නිවසෙහි පිළීයෙළ වූ සංග්‍රහය භුක්ති විදීම සඳහා කරන ලද ආරාධනයෙන් බොහෝ දෙනෙක් යළි නිවස වෙත ළඟා වූහ . මේ වනවිටත් තාවකාලිකව අටවන ලද මුළුතැන්ගෙය යුද පිටියක වෙස් ගත්තේය . එහි බත් , වට්ටක්කා , කරවල ආදියෙන් සමන්විත මළ බත දුම්දමමින් පිළීයෙළ වෙමින් තිබිණ සම්ප්‍රදායනුකූලව වට්ටක්කා , කරවල පිසූ නමුදු ඊට අමතරව තවත් බොහෝ මාළු පිනිද ව්‍යාංජනද එයට එක් කළ යුතු වගට එක හෙළාපවසා සිටි සාදිරිස්ගේ මතය වෙනස් කිරිමට සමත් කිසිවෙකු එහි නොවීය.

**********පුරුෂ පාර්ශවය වෙනුවෙන් නිවසේ ඇතුළු කාමරයක මත්පැන් සංග්‍රහය සංවිධානය කර තිබුණි . තැම්බූ එළවළු, කජු සහ තැම්බූ කඩල ආදිය කට ගැස්ම සදහා වූ අතර ඉස්තරම්ම වර්ගයේ රට බීම වර්ගද එහි තබා තිබුණී . කවදත් කෑමෙන් බීමෙන් අන්‍යන්ට සංග්‍රහ කිරීමෙන් තුටු පහටු වූ සාදිරිස් මුදලාලි මුළුතැන්ගෙයත් ආලින්දයත් අතර සැරිසරමින් නෑදෑ හිතවතුන්ගේ ඕනෑ එපාකම් සොයා බැලු හෙයින්  හොදීන් ඇඳගෙන නිවි සැනසිල්ලේ මත්පැන් තොල කට ගෑමේ අවකාශයක් ඔහුට නොවීය එහෙයින් ඔහු අඩියක් හැසුවේ දුවන පෙරහැරේය .

********** " බැදුම් දැන්ම හොද නැහැනේ  ඒ නිසා තෙල් දාන්න විදියක් නෑ ඔය තියෙන හැටියට දැනට කමු . හත් දවසෙදි මදි නොකියන්න දෙන්නම් " සාදිරිස් නෑදෑ හිතවතුන් අමතා පැවසූයේ කට ගැස්මෙහි වූ අඩුපාඩු පිළිබඳව ඔවුන්ගෙන් සමාව අයදින්නාක් මෙනි . " අඩුපාඩු නෑ .. අඩුපාඩු නෑ. එකම අඩුව යසෝ නැන්දා නැති එක විතරයි ඒකට ඉතිං මක්කරන්නද ? "

" උපන්නොත්.... මනු සතා මනුලොවේ.......
  මරණයත්..... කොටා ඇත නළලේ.."
 
එක් අයෙකු තාලයට ඇද පැද කීවේය.

**********සාලයේත් මුළුතැන්ගෙය තුළත් මද්‍යපානයේ නියුතු වූවන් අතරින් වරින් වර සැරි සැරූ පරාණකාරයට දැඩි වෙහෙසක් දැණීනි . ඔවුහූ විවිධ මාතෘකා ඔස්සේ කථා කළෝය . රටේ දිනෙන් දින ඉහළ නගින බඩු මිල ආර්ථික  මධ්‍යස්ථානයන්හී එළවලු මිල ගණන් තීරණය වීමේ ක්‍රමවේදය , වාහනවල මිල අඩු / වැඩි වීම ,  සමිතියේ මීළඟ වාරයේ විනෝද චාරිකාව සංවිධානය කළ යුත්තේ යාපනයටද , ත්‍රිකුණාමලයටද ආදී වශයෙන් ඔවුහූ දොඩමළු වූහ .

**********සිය මුණූපුරු මිණිපිරියන්ට තරවටු කරමින්ද , ඇඟපත සෝදා ගන්නා ලෙස අණකරමින්ද , පසුගිය දින කිහිපයේ නිදිවැරීම නිසා අදවත් හරියාකාරව නිදාගත යුතුයැයි මැසිවිලි නගමින්ද දූ පේමවතී සහ සිරියලත කාමරයෙන් කාමරයට මාරුවන අයුරු පරාණකාරයා දුටුවේ තමා ජීවත්ව සිටියදී අත පැළැදි මුදුව පේමවතීත් කන පැළැදී අරුංගල ජෝඩුව සිරියලතාත් පපු තුරෙහි සඟවා ගන්නා ආකාරයයි . 

**********පරාණකාරයා සියල්ලන්ගේම මුහුණු විපරම් කරමින් මුළු නිවස පුරා සැරි සැරීය . ඔවුන්ගේ මුහුණූ මළානික වී හේ බා තිබෙන්නේ තමාගේ වියෝව පිළිබඳ ශෝකයෙන් ද නැතහොත් පසුගිය දින කිහිපයේ නිදිවර්ජිතව ගත වූ නිසාදැයි පරාණකාරයාට ඇතිවූයේ දෙගිඩියාවකී . දින කීපයක් තිස්සේ වෙස් මුහුණු පැළඳ නාටකයක් රඟ දැක්වූ නළු නිළි කැළක් මෙන් සියල්ලෝම තම ර්ංගනයෙන් ඉවත් වී නැවතත් තම තමන්ගේ පියවී චරිත තුළට ආරූඬවෙමින් පවතින  අයුරු පරාණකාරයා නිරීක්ෂණය කළේය . මත්පැන් වීදුරුවක් මුවඟට ළං කරමින් හුන් සාදිරිස් මුදලාලී දෙස අවසාන වතාවට බැලුම් හෙලූ පරාණකාරයා නිවසෙන් පිටත් වී ගෙමිදුලෙන්ද බැහැර වී ඉහළ අවකාශයේ ඈතට ඈතට පාවී ගියේය..................



Wednesday, March 20, 2013

෴ සතුට ෴

මගේ බිලොග් එකෙ නම මීයාගෙ රස කතා උනාට ඇති රස කතාවක් නෑනෙ ඉතින් මං හුඟ කාලෙකින් කතාවක් නොලියපු හින්ද කල්පනා කල අද පොඩ් කෙටි කතාවක් ලියන්න හරි හරි එවාගෙං වැඩක් නෑ අපි කෙලිංම කතාවට බහිමුකො මෙන්න මේකයි කතාව..........

මාර්ගය දෙපස වූ සුපිරි වෙළදසැල් මෙන්ම පදික වෙදිකාවෙහි අටවාගත් කුඩා වෙළදසැල්ද ජනී ජනයාගෙන් පිරී ඉතිරී තිබුණි .ඇඳුම් ආයිත්තම් විකිණිමට කෑගසන වෙළඳුන්ගේ හඬට කේවල් කරන ගැහැනුන්ගේ හඬ මුසුව එය තරමක කළ එළි බසින අහස් කූරු ,නිලා කූරු වලට ලැබී ඇත්තෙ හොද ඉල්ලුමකී . උදාවන නත්තල් උත්සවය මහට් ඉහළින් සැමරීමට බොහෝ දෙනා උනන්දු වන අයුරු ලක්ශාණි නිරීක්ශණය කලාය.

බස් රථ කිහිපයක් පැමිණියත් ලක්ශාණි ඒවාට ගොඩ නොවූයේ දැඩි තදබදයක් තිබුණා බැවින් තම ඇඳුම් පොඩිවේ යයි බියවූ බැවිනි . එමෙන්ම ඇයට සම්මුඛ පරීක්ශණයට පෙනී සිටීමට තවත් කාල වේලාව ඉතිරිව තිබුණි . අත තිබූ ලිපි කවරය පෙරළා බැලූ ඈ අදාළ සහතික සියල්ල තිබේදැයි නැවතත් පරික්ෂා කොට බැලූවාය සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ ලිපිය දකින විට ඇයට දැනුනෙ  සතුටකී එයට අවශ‍‍‍‍‍ය්‍ය තරමටත් වඩා සුදුසුකම් ඇති බැවින් රෑකියාව අනිවාර්‍ය්‍යයෙන් තමාට ලැබෙන ඇතැයි ඇයට දැඩි විශ්වාසයක් විය ආත්ම ශක්තියෙන් මෙන්ම ඇඳ සිට අලුත්ම ඇඳුමෙන් ලැබුණ ලැබුණ වැදගත් පෙනුමෙන් ඇගේ සිත පුබුදුවා තිබුණි

තමාට මඳක් එපිටින් බස් නැවතුමෙ රෑදී සිටි ගැබිණි කාන්තාවක මහත් අපහසුවෙන් පසුවන අයුරු ලක්ශාණි දුටුවාය දුර්වර්ණ වී ගිය බාල වර්ගයේ ඇඳුමක් ඇඳ සිටී ඇය පයලා සිටියෙ බෙහෙවින් ගෙවී ගිය පරණ සෙරප්පු යුගලයකී .ඇගේ මුහුණ විඳ ඇති දුක් ගැහැට පිළිබිඹු කරන කැඩපතක් බඳු විය . ඇගේ පෙනුම මෙන්ම ඈ පත්ව හිඳින අපහසුතාවය දුටු ලක්ශාණිට ඇතිවූයේ අනුකම්පාවකි . ඇය අවට සිටි කිහිප දෙනෙකු වෙත ගොස් යමක් විමසා සිටියත් ඔවුන් ඇයව නොසළකා හරින අයුරු ලක්ශාණි දුටුවාය . තවත් මොහොතකින් ඇය විලි රුදාවෙන් මෙන් දගලමින් අසල තිබූ වෙළඳ සලක දොරටුව අසල බිම ඉඳගත් විට එහි සේවකයෙක් ඇයව බැණ එලවා දැමිමේ අශෝභන ලෙස බැණ වදිමිනි

ඈ වැදගත් පෙනුමෙන් යුතු කාන්තාවන් කිහිප දෙනෙකු වෙත ගොස් යාමට පිහිටවන ලෙස බැගෑපත් ලෙස ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් ඇයට අනුකම්පා සහිත බැල්මක් හෝ නොලැබුණි . නත්තල් උත්සවය වෙනුවෙන් මිලදී ගත් රෙදි පිළි ආදියෙහි බර දරා සිටි ඔවුන් තවත් කෙනෙකුගේ බර දැරීමට කැමති වූයේ නැත . පැමිණෙන බස් රථවල මිනිසුන් තෙරපී සිටි ආකාරය අනුව ඇයට ඒවාට ගොඩවීම අසීරු වූවා මෙන්ම ඇතැම් කොන්දොස්තරවරු ඇයව නංවා ගැනීමට කැමති වූයේද නැත කුලී රථයක යාමට ඇයට මුදල් නැති බව පැහැදිලිය . මරියා මව්තුමිය ජේසුබිළිදු බිහිකීරීමට තැනක් සොයමින් බෙත්ලෙහෙම පුරා ඇවිද ගිය අයුරු හදිසියේම   ලක්ශාණිගේ මනසෙහි ඇදී ගියේය . හැම තැනකින්ම දොරගුලු වැසි ඇයට බිළිදා බිහිකිරීමට සිදුවූයේ ගව මඩුවකය . එවෙලෙහි මරියතුමියගේ තනියට ජූසේ තුමා හෝ සිටියේය දෙනෝ දහක් මැද වූවත් තමාගේ යයි කිවහැකි කාත් කවුරුවත් නැති මෙම කාන්තාව එයටත් වඩා අසරණයයි  ලක්ශාණිට සිතුණි .

එම කන්තාව අසලට ගිය  ලක්ශාණි  තොරතුරු විමසා ඇයව ත්‍රිරෝද රථයකට නංවාලූයේ රෝහල වෙත යාමට අවශ‍ය ගාස්තුව ගෙවීමට සූදානම්වෙමිනි . එහෙත් ඇගේ බැරෑරුම් තත්වය දුටු ත්‍රිරොද රථ රියදුරු ඈ පමණක් තනිව රෑගෙන යාමට කැමති වූයේ නැත. මාරකරුවෙක් නැතුව ඇයව රෑගෙන ගොස් එවන් අවදානමක් දැරීමට ඔවුහු කැමති නොවූහ.

 ලක්ශාණි  පත්වූයේ මහත් දෙගිඩියාවකටය . අත බැඳි ඔරලෝසුව බැලූ ඈ රෝහලට ගොස් සම්මුඛ පරීක්ශණය ඇති ස්ථානයට යාමට යන්තමින් වෙලාව ඉතිරිව ඇති බව දුටුවාය .එහෙත් මාර්ග තදබදය ඇති ආකාරය අනුව ඒ ගැන විශ්වාසයක් තැබිය නොහැක .ඉල්ලුම් කර තිබූ රෑකියාවට ඇය තුල තිබූනේ  දැඩි කැමැත්තකී .සම්මුඛ පරීක්ශණයට කැඳවා තිබූ වෙලාවට නොගියොත් කොතරම් සුදුසුකම් තිබුණත් ඔවුන් තමාගැන නොපැහැදෙනු ඇත. කාන්තාවගෙ කෙඳිරිය නැවතත් තීව්‍ර වන විට ත්‍රී රෝද රථයට ගොඩවූ  ලක්ශාණි  ඈ අසලින් අසුන්ගෙන වහා රෝහල වෙත යන ලෙස රියදුරුට කීවාය.

හැකි වේගයෙන් රෝහළ වෙත යාමට රියදුරා උත්සහා ගත්තත් මාර්ග තදබදය නිසා එය පහසූ වූයේ නැත .අදාළ වෙලාව ඉක්මවා යමින් තිබෙනු දැක  ලක්ශාණි ගේ සිත තුල ඇතිවූයේ  වේදනාවකී .රෝහල ආසන්න වන විට එම කාන්තාව රිය තුළම වමනය කරේ   ලක්ශාණි ග් ඇදූම්වල පවා විසිරෙන අයුරිනි . කාන්තාව හඬමින් ඇගෙන් සමාව ඉල්ලූවාය සම්මුඛ පරීක්ශණයට සහභාගි  වීමේ අදහස අතහැර දැමූ ඈ රෝහලට ආසන්න බැවින් තවත් ටික වේලාවකින් වේදනාව දරාගන්න ලෙස කියමින් කාන්තාව අස්වැසුවාය . රොහලට ඇතුළු කළ වහා ඇය සූත්‍රිකාගාරය වෙත ගෙන යනු ලැබුනි ඈ නැවත වට්ටුව වෙත රෑගෙන එන තෙක්   ලක්ශාණි රෑදී සිටියේ විස්තර විමසා නිවැසියන්ට දැන්වීමෙ අදහසිනි. අමනය පැල්ලම් සහිත ඇදුම්වලින් සැරසී සම්මුඛ පරීක්ශණයට සහභාගී විය නොහැකි බැවින් හදිසිවීමට කාරණයක් නැත . පැයකට පසු ඇයව වාට්ටුව වෙත රෑගෙන ආවෙ කුඩා බිළිදෙකු සමගිනි .එම බිළිදාගේ මුහුණ් දුටු විගස තමාට අහිමි වී ගිය රෑකියා අවස්ථාව ගැන  ලක්ශාණිගේ සිතේ හටගත් වේදනාව වහා මැකී ගියේය . තමා පිහිට නොවූයේ නම් දෙනෝදහක් යනෙන මහමග මැද දරුවා බිහිවී එම කන්තාව කොතරම් අසරණ වේදැයි  ලක්ශාණි ට සිතුණි

සිද්ධිය ඇසූ   ලක්ශාණිගේ හිත මිතුරන් බොහෝ දෙනෙකු ඇයට දොස් පැවරුවා විනා එම සද්කාර්යය අහය කළේ නැත . ලෝකයාට පිහිටවීමට පෙර තමන්  ගැන බැලිය යුතු බව ඔවුන්ගේ අදහස් විය . බොහො දෙනෙකු එකම දෙය කියන විට ඔවුන් පවසනා ලෙස තමන් සැබෑවටම මෝඩියෙක්දැයි  ලක්ශාණිට නොසිතුනාද නොවේ .

නත්තල් අසිරිය මැකී කාලය සෙමෙන් ගෙවී යමින් තිබුණි . දිනක් නගරයට ගොස් එනවිට තමන්ගේ නමට ලිපියක් තිබෙනු දැක  ලක්ශාණි කුතුහලයට පත් වූවාය. එම ලිපිය එවා තිබුණෙ ඇය කළින් රෑකියාවට අයදුම් කළ ස්ථානයෙහි .ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයෙ අයදුම්කරුවන්  ඉදිරිපත් නොවූ බැවින් එම පරීක්ශණය නැවතත් පැවැත්වීමට තීරණය කළ බව දන්වා තිබූ අතර එයට නැවතත් සහභාගි විය යුතු දිනය සඳහන් කොට තිබුණි . තමා ඉදිරිපත් කළ බව දන්වා අයදුම්පත ගැන ඔවුන්ගේ විශේශ අවධානය යොමුවන්නට ඇති බව  ලක්ශාණිට සිතුණී . ඔවුන් නැවතත් තමාව කැඳවා ඇත්තෙ එබැවින් වන්නට ඇත එවේලේ තමා පිහිට වූ කාන්තාවගේ සහ අලුත උපන් බිළිඳාගේ මුහුණ  ලක්ශාණිගේ මතකයට නැගෙද්දී ඇගේ සිත මහත් වූ සතුටකින් පිරී ගියේය




ප.ලි - තිබෙන කාර්යබහුලත්වය සමහ වචනවල සුලු සුලු  අඩුපාඩු ඇති බැවින් එයට සමාව භාජනය කරනු සේක්වා.....