මවාගත් පැතුමි පොදි සිහින ලොව රජ වෙන්න
නිවාරණ වී ගියා සොහොන් බිම සැත පෙන්න
දිවා රැ වෙහෙසුනත් ජිවිතෙ රැක ගන්න
නිවාලිය නොහැක තුන් තිස් පැයෙ කුස ගින්න
නිවන පිළිබදව බැතිබර සිතින් බණ කියා
සවන නෙත විවර කර දුසිරිතට මුව අයා
පිපෙන මල් කැකුළකට වන බඹර තුඩ තියා
ගලන කදුළැලි නොදැක පියාඹා දුර ගියා
සොදුරු හෙට දිනක් ගැන සිහින මතකය ඇතත්
අදුරු සෙවණැලි පෙතේ සසලකර ගත සිතත්
රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග නැතත්
මදුරුවෝ රඟති දැන් මදුරු දඟරය මතත්
අදහස් තියනවනම් කමෙන්ටි කරලා යන්න හොදෙ අදහස් යොජනා චොදනා ඉතා සතුටින් බාරගනිම්.......:)
Saturday, December 8, 2012
Subscribe to:
Post Comments (Atom)
අය්යෝ මදුරුවෝ..
ReplyDeleteඑ පාර මදුරුවො ගැන දුක හිතුනද
Deleteඔය බී.ටී.ටී. බැක්ටීරියාව ගේන එකටත් මදුරු දගරයෝ විරුද්ධ නිසා වෙන්ඩෑ ඒ ව්‍යාපෘතිය එච්චර සාර්ථක නොවුනේ !
ReplyDeleteගින්දර කවි සෙට් එක. දැන් නම් මොන කොයිල් එක ගෙනාවත් මදුරුවෝ අහන්නේ නෑ. අපට නම් ශෝක් එකට නින්ද යනවා !
ඔවි ඇ
Deleteඇත්ත නේන්නම්..
ReplyDeleteෆෑන් 1 දැම්මොතින් උන් දන්නවා පියාඹන්නෙ නැතිව බිම දිගේ ඇවිත් විදින්න.. :D
දැන් දැන් උනුත් කොයිල් වලට හැඩගැහිලා වගෙ..
බ්ලොග් 1 ස්ක්‍රෝල් කරන්න බෑනෙ වෙලාවකට.. :(
ඔව ඉතිං බිලොග් එකෙ මොකක්ද අවුල කිවිවෙ මගෙ එකෙ අවුලක්ද
Deleteකවි ටික නියමයි දිලුම්
ReplyDeleteටැංකු ඇ
Delete//රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග නැතත්
ReplyDeleteමදුරුවෝ රඟති දැන් මදුරු දඟරය මතත්//
නියම අදහසක් නේ මේක. කවි ටික එල!
හි හි ටැංකු ඇ
Deletelassana kawi tika.
ReplyDeleteහි හි ටැංකු ඇ
Deleteමරු අදහසක් නේ..ජයවේවා.
ReplyDeleteහි හි ටැංකු ඇ
Deleteනියමයි නේ.. ජය
ReplyDeleteහි හි ටැංකු ඇ
Deleteහි හි.. නියමයි ඈ..
ReplyDeleteහි හී ටැංකු ඇ
ReplyDeleteමදුරී මදුරී මොකක්ද ඒ??? :P
ReplyDeleteසන්කල්පනාව නම් බෝම අගනේයැ:)
අඩෙ මුදියා මුලිංම උබව මෙ පැත්තට සාදරයෙං පිලිගන්නව
Deleteහි හී මදුරි එ කවුදැ ටැංකු ඇ
මදුරුවා රඟති කොයිලය ඉස්මත්තේ
ReplyDeleteබැරුවා උනත් දැන් ඉන්නට බඩගින්නේ
බැරුවා බොන්ට මේ විෂ ලේ මිනිසුන්ගේ
මැරුණා සැපයි විෂ ලුම් මැද බඩගින්නේ