මියාට හිතුනු කවි සිතිවිලි

Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Wednesday, February 13, 2013

෴ ගණිකා වත ෴


ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්‍යයක් නො‍‍වේ. මෙතෙක් පැවති හැමශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්‍රීක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි ශිෂ්ටාචාරය‍ට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාර‍යෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්ත‍මේන්තුව වැන්නක් මෙරට රාජ්‍ය පාලනයට එක් වූ බවට සාධක නැත.
ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්‍යායන තම කාමසූත්‍රය නැමැති ග්‍රන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්‍රේමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්‍රේමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍යම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්‍යාපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.

ගණිකාව වෙළඳ භාණ්ඩයකි.

ගණිකා වත3.gif
ගණිකා වත 2.gif
වාත්ස්‍යායනගේ ප්‍රකාශය අනුව ගණිකාව හුදෙක් වෙළඳ භාණ්ඩයක් හා සමානය. වෙළඳ භාණ්ඩයකට ඉල්ලුමක් ඇත්තේ එය ප්‍රදර්ශනය කරන විලාසය අනුවයි. එනිසා ගණිකාව ශෘංගාරවත් වේශාරෝපණයක් සහිතව මහමඟ යන හැම දෙනාටම පෙනෙන සේ සිටින්නීය. එහෙත් සපුරා පෙනෙන අයුරින් නම් නොවේ.
ගණිකා වෘත්තියද වෙළඳ ව්‍යාපාරයක් වන හෙයින් ගනුදෙනු කරුවන් ගෙන්නාගැනීම සඳහා ඇය උපක්‍රමශීලීව කටයුතු කළ යුතුය. එහිදී තැරැව්කාරයන් සමඟ මෙන්ම, ඇය වෙත පැමිණෙන්නවුන් වළක්වන්නවුන් සමඟද මිත්‍ර වීම අවශ්‍ය වෙයි. ඒ අතර වෙනත් ගණිකාවන් කරා යන්නවුන් තමන් කරා පමුණුවා ගැනීමටද වග බලාගැනීමද අවශ්‍ය වෙයි. මේ සඳහා කටයුතු කිරීමෙහිදී තමන්ට සිදු විය හැකි අනර්ථයන් ගැනද අවබෝධයෙන් සිටිය යුතුය.
මේ කාරියෙහිදී ඇය විසින් මිතුරුදම් පැවැත්වියයුතු පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතර ආරක්ෂක පුරුෂයන්, වෙදුන්, නීතිවේදීන්, දෛවඥයන්, ශූරයන්, විද්වතුන්, කලාකරුවන්, සහායකයන්, විදුෂකයන්, මායාකාරයන්, සුවඳ බඩු වෙළෙන්දන්, බේබද්දන්, රජකයන්, කරණවෑමියන් මෙන්ම හිඟන්නෝද වෙති. ඔවුන් සමඟ ඇති කරගන්නා මිත්‍රත්වය නිසා තමන්ට අවශ්‍ය විවිධ කටයුතු ඔවුන් ලවා කරවාගත හැකිය.
හුදෙක් ධනය ලබාගැනීම සඳහා ඇසුරු කළයුතු පුද්ගලයන් පමණක් නොව ගණිකාව තම ප්‍රීතිය හා කීර්තිය වර්ධනය කර ගැනීමට ඇසුරු කළයුතු වෙනත් පුද්ගලයන් රැසක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඔවුන් අතුරෙන් ධනය ලබාගැනීම පිණිස කිසිවකුට යටත් නොවන්නන්, යෞවනයෙහි පසුවන්නන්, නිළධාරීන්, පරපුරින් ධනයට හිමිකම් කියන්නන්, අධික ආදායම් ඇත්තවුන්, තමන් සෞභාග්‍යයෙන් යුතුය යන හැඟීම ඇත්තවුන්, ප්‍රසිද්ධිය පතන පණ්ඩිතයන්, පොහොසත් පවුලක එකම පුත්‍රයා වන්නන්, වීරයන් මෙන්ම වෙදුන්ද ඇසුරු කළයුතුය.
ප්‍රීතිය හා කීර්තිය පිණිස ගුණවතුන්, වංශවතුන්, උගතුන්, දාර්ශනිකයන්, කවීන්, ශිල්පීන්, ප්‍රබන්ධ කථිකයන්, කථිකයන්, බුහුටි වූවන්, ශ්‍රේෂ්ඨ පුරුෂයන් ඇසුරු කරන්නන්, නින්දාට පත් නොවූවන් ඇසුරු කළයුතුය. එහෙත් මෙවැනි පුද්ගලයන් ගණිකාවන්ට වසඟ නොවන පිරිසක් නොවන බව ද වාත්ස්‍යායන සඳහන් කරයි.

ගණිකාව සතු චාරිත්‍ර

ගණිකා වත8.gif
ගණිකා වත9.gif
ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි විශේෂයක් ගැනද වාත්ස්‍යායන සඳහන් කරයි. ඒ අනුව ඇයගේ හැසිරීම් රටාවෙහි ප්‍රධාන ලක්ෂණය වියයුත්තේ පුද්ගලයකු තමාට ඇලුණු පසු තමා ඔහු කෙරෙහි නොඇලී ඔහු කෙරෙහි ඇලුණු තැනැත්තියක මෙන් කටයුතු කිරීමය. එබදු ගණිකාවන් පිළිබඳ පුවත්ජාතකකථා රැසක දක්නට ලැබෙයි. තක්කාරිය ජාතකයෙහි සඳහන් වන ගණිකාව මසුරන් දහසක් රැගෙන තමන් වෙත නිතර පැමිණෙන සිටුපුත්‍රයකු නග්න කරවා පිටත් කිරීමට තරම් සහැසි වෙයි. එයින් පැහැදිලි වන්නේ ඒ සිටුපුත්‍රයා නිතර තමන් වෙත පැමිණියත් ඔහු පිළිබඳව සැබෑ ඇල්මක් නොපැවති බවයි.
වාත්ස්‍යායන පවසන පරිදි ගණිකාව ඇය බලා කියා ගන්නා මවට යටත්ව පැවැතිය යුතුය. මෙහි "මව" යන්නෙන් අදහස් කරන්නේ පෙර ගණිකාවක ලෙස විසූ තමාගේම මව හෝ ගණිකාවක ලෙස ජීවත් වූ වෙනත් ස්ත්‍රියකි. මේ කියන මව ක්‍රෑර ස්වභාවයක් ඇති ලෝභී තැනැත්තියක වියයුතුය. ඇයට ගණිකාව වෙනත් තැනැත්තකු සමඟ එක්ව සිටින විට ඔහු කෙරෙන් බලහත්කාරයෙන් කැඳවාගෙන අවුත් ඔහුට වඩා ධනවත් පුද්ගලයකු වෙත පැමිණිවිය හැකි විය. එබදු අවස්ථාවක කලින් එක්ව සිටි පුරුෂයාට ඒ සිද්ධිය පිළිබඳව තම අරුචිය, දුක, ලැජ්ජාව හා භය හඟවන්න‍ට ගණිකාවට හැකි වියයුතුය. එසේම මවගේ කීමකට අකැමත්ත නොදැක්වීමද වියයුත්තකි.
ගණිකාව හිසරුදාවකින් හෝ බඩේ රුදාවකින් හෝ පෙළෙන්නේ නම් ඒ බව තමා බලාපොරොත්තුව ආ පුරුෂයාට පැවැසියයුත්තේ එක් වරක් පමණි. එහෙත් තමා වෙත පැමිණි තැනැත්තකු සමඟ එක්වීමට නොකැමති නම් ඒ බව ඔහුට කෙළින්ම ප්‍රකාශ නොකොට තමාට රෝගයක් ඇතැයි කියා ඔහු රැවටීම සිදුකළ යුතුය. තමා පිළිගන්නා පුරුෂයාට සේවිකාවක ලවා මල් බුලත් ආදියෙන්ද සංග්‍රහ කළ යුතුය.
ඉහත සඳහන් කරන ලද තක්කාරිය ජාතකයෙහි සඳහන් වන අන්දමට නම් ගණිකාව තමා වෙතට පැමිණෙන පුරුෂයා දෙන දහසින් පන්සියයක් තමාට තබාගෙන ඉතිරි පන්සියයෙන් ඔහුට අවශ්‍ය බත්,බුලත්, සුවඳ විලවුන්, ඇදුම් සැපයියයුතු විය. එසේම පුරුෂයා තමා ඇඳගෙන ආ ඇදුම් වෙනුවට ගණිකාව දෙන ඇඳුම් ඇඳියයුතු විය.
ගණිකාව තමා වෙත පැමිණි පුරුෂයාගේ අභිප්‍රායට අනුකූලව කටයුතු කළ යුතු බවද වාත්ස්‍යායන පෙන්වා දෙයි. තමා හා එක්වූ පුරුෂයාගේ වෛරකාරයන්ට තමාද වෛර කරන බව, ඔහුට ප්‍රිය අය තමාද ප්‍රිය කරන බව, ඔහු යමකට රුචි කරයි නම් තමාද ඊට රුචි කරන බව, ඔහුගේ සතුටට සතුටු වන බව, ශෝකයට ශෝක වන බව හැඟවිය යුතුය. ඒ අතර ඔහුගේ අන්‍ය ප්‍රියාවන් ගැන දැනගන්නට කැමති බව හඟවා ඔවුන් ගැන පවසන විට කෝප වන ආකාරයක්ද දැක්වියයුතු වේ. එහිදී එය හැර ඔහු කියන හැම දෙයටම එකඟ බව දැක්වීමද අවශ්‍ය වේ.
මේ අයුරින් ගණිකාව විසින් අනුගමනය කළයුතු චාරිත්‍ර විධි මහත් රාශියක් ගැන වාත්ස්‍යායන සාකච්ඡා කරයි. එපමණක් නොව තමා සඳහන් නොකළ වෙනත් කරුණු තිබිය හැකි හෙයින් ඒවා පරිසරයෙන් හා පුද්ගල ස්වභාවයෙන් දතයුතු බවක්ද හේ සඳහන් කරයි. ඔහු තව දුරටත් පවසන පරිදි ගණිකාව තම හැසිරීම මඟින් පුරුෂයන් හා සියලු ධනය ඇදගන්නා කල්හිත් ඒ ගැන ඔවුන්ට නොවැටහෙයි. ඒ අනුව ගණිකාවන් සතු සිරිත් කුමක් අරමුණු කොටගෙන පවතීද යනු පැහැදිලිය.

අභිසරුවෝ

ගණිකා වත7.gif
ගණිකා වත5.gif
අභිසරුවෝ හෙවත් අභිසාරිකාවෝ නම් පුරුෂයන් විසින් සඳහන් කරන ලද තැන්වලට ගොස් ඔවුන් හමුවන ගණිකාවෝය. පැරණි සිංහල ගී කාව්‍යයන්හීදීත්සන්දේශ කාව්‍යයන්හීදීත් අපට අභිසරුවන් ගැන නොයෙක් විට අසන්නට ලැබේ.
අභිසරුවන් පුරුෂයන් සොයාගෙන ගියේ රාත්‍රී කාලයෙහිය. ඔවුන්ට රාත්‍රිය ගෙවී යෑම ඔවුන්ගේ අමනාපයට හේතු වන බව ද කිවීහු පවසති. එපමණක් නොවේ, රාත්‍රියෙහි තැන්තැන්වල ඇති ආලෝකයටද සුපුන් සඳ පහනටද ඔවුහු වෛර කරති. ඒ තමන් අනුන්ට පෙනෙතැයි යන බිය නිසා ඇතිවන්නකි. එයින් පැහැදිලි වන්නේ අභිසරුවන් තම වෘත්තිය අනුන්ට නොහැගෙන සේ රහසින් පවත්වාගෙන යෑමට රුචි කළ බවයි.
එහෙත් වාත්ස්‍යායන අභිසරුවන් ගැන පවසන කරුණු අනුව නම් ඔවුන් කවීන් පවසන තරම් බියකින් තම වෘත්තිය පවත්වාගෙන ගිය බවක් නොපෙනේ. පුරුෂයන් අභිසරුවන්ගේ පැමිණීම අපේක්ෂා කොට ඇත්තේ නළුවන්, විකටයන්, හා යහළුවන්ද සමඟ අසුන් ගනිමිනි. එහිදී ගැයුම් වැයුම්වලද ඔවුන් නිරත වූ අතර අභිසරුවන් කැඳවාගන්නා ලද්දේ දුතියන් මඟිනි. නැතහොත් පුරුෂයෝම ගොස් ඔවුන් කැඳවාගෙන ආහ.
එසේ පැමිණි අභිසරුවන් යහළුවන් සමඟින් මිහිරි වදනින්, හරවත් වදනින් යුතුව පිළිගැනීමද සිදු විය. වැසි දිනවලදී අභිසරුවන්ගේ ඇදුම් පැළදුම් තෙමී තිබුණහොත් පුරුෂයන් විසින් ඒවා සැපයිය යුතු විය. එසේම නළලෙහි තබන ලද තිලක හා පත්‍රලේඛා(සුවඳ කුඩුවලින් කම්මුලෙහි කරනු ලබන සැරසිලි විශේෂයකි.) සේදී තිබේ නම් පුරුෂයන් ඒවා සැරසිය යුතු විය.



Monday, January 14, 2013

෴ මන්තර ( කොටස 1 ) ෴

මට මෙ දවස් 3න 4කට කලින් කඩෙන් බත් එකක් අරගත්තා එක ඔතල තිබිබ පත්තර කෑල්ලෙ තිබ්බා මන්තර වගයක් ඉතිං ඔව විස්වාස කරන කෙනෙක් මෙකෙ හරි ඉදියි කියල  මට හිතුනා එ ටික මෙකෙ දාන්න ............:3

******************  සර්ප විසට ********************

පහත සදහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා පැමිණි දූතයාට බුලත් මතුරා කෑමට දෙන්න

  මන්ත්‍රය 

නමෝ අලප්පේ අනාදො විෂනගිරේ විෂනහිඃ




******************  දිවි මකුලු විෂට ********************


පහත සදහන් මන්ත්‍රයෙන් 54 වර හෝ 108 වර මතුරන්න

  මන්ත්‍රය 

ඕං ඉරං රස්වාහඃ


******************  කටු විෂට ********************

පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් තල තෙල් වලට මතුරා කටු ඇණුන තැන ආලේප කරන්න

  මන්ත්‍රය 

ඕං නමෝ සත්මුදකින් ඒ දේසේ කුවේනි යක්ෂණි රැයකට කටු පස්පෑල පල්ලාහක් ගිලිය ඒ කටු විස නැති වුන ආනුභාවෙන් මේ කටු විස නැති සප්‍රලේස්වාහඃ


******************  ඉක්කාවට ********************

පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් ජලයට මතුරා පානයක කරන්න


  මන්ත්‍රය 

ඕං අක්කාල පෙරුමාල ඉක්කාල පෙරුමාල අක්කාල ඉක්කාල ඒස්වාහඃ


******************  ඇස්වහ දුරුවීමට ********************

පහත මන්ත්‍රයෙන් 108 වර මතුරන්න

  මන්ත්‍රය 

ඕං නමෝ කීකරු අකීකරු කීකරු ස්වාහඃ ඕං නමෝ කටබන්දාමි නීලබන්දාමි බන්ද ලෝක ලෝකේ ස්වාහඃ


******************෴  බඩේ කැක්කුමට ෴********************

පහත සදහන් මන්ත්‍රයෙන් බුලතේ 07 තැනක ලියා 7 වරක් එයට මතුරා කන්න දෙන්න

  මන්ත්‍රය 

නමෝ දර්ප  දර්ප ඒස්වාගඃ


( සෑ.යු. මෙව කිරීමෙං සිදුවන අතුරුපල වලට මා වග නොකියමි ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න )