දත් තිස් දෙකක් මාද පිහිටා ඇති දිවට
කෑමට මෙන්ම බීමට උරදෙන මුලට
ඉදුරන් පසෙන් තැනදිය යුතු පල මුවට
එය කොට උනොත් ගොලුවා කියනව අපට
ඕපා දූප බොරු කේලම් දෙසී මට
උප දෙස් මෙන්ම එන අදහස් දෙඩි මට
පණි විඩ රහස් ඉඟියෙන් හැඩ යැව් මට
නැතිව බැරිම දෙය දිවවෙයි ඉරි මට
කට බොරු කීවමුත් දිව බොරු කියන් නැත
පෙරසිට පැවත එන කියමන මැකෙන් නැත
දිව මත කටු ගසා නෙක දෙව් වරුන් වෙත
පුද පූජාද දෙන අය ඉදිරියෙන් ඇත
මිනිසාට සතාහට සිව්පා සතුන් හට
උපතින් දිවක් ඇත දිවිමග හෙවත් නට
දිව දෙක බැගින් ඇති තලගොය හැරෙන් නට
කබරයෝ සිකනලෝ නැතුවද පෙනෙන් නට
මුද්දර ලියුම් කවරය අලවන වැඩට
එලෙසම තවත් නොකියන නොපෙනෙන වැඩට
නැතිවම බැරිම දෙය දිවවෙයි යට උඩට
එය පින වන්න ගොස් වැටෙනව මඩ ගොඩට
දස්කම කතිකයට රන්දිව නමැති නම
ලැබගෙන තිබේ කරලියේ හඩ නගපු මම
පිරිසිදු සිතින් උත්තම දිව රකින හැම
ලැබ ගත හැකිය සිරිගර රස බලපු වම
දිව රලු උනොත් රස ඉස්මතු නොවේය
කොපමණ කතා කළමුත් කොට නොවේය
එය කොට උනොත් හඩ පැහැදිලි නොවේය
දිව ගිලුනම පණනල පිට නොවේය
හොද හදවතක් ඇත්තට හොද දිවක් ඇත
එලෙසම හොදින් ඇසුමට කන් දෙකක් ඇත
උපතින් ලැබුව රස ගුණ දත් පිනක් ඇත
නොමදත් කෙලෙහි ගුණ දිවකට උලක් ඇත
දිව ගෑවෙන්න කැක්කුම ඇති දත ළඟය
තොලකට උනත් ලංවෙන්නෙ දිව ළඟය
වැඩි පුර උනත් නැට වෙන්නේ කත ළඟය
දිව රැක ගත්තේ නැත්නම් මරණය ළඟය
හැම දුක් ගැහැට එන්නේ දිව නිසාය
බෙල්ලට ලනුව එන්නෙත් දිව නිසාය
දිග ඇර ගන්න බැරි ගැටදිව නිසාය
රජකම දිළිදුකමම ද දිව නිසාය.........^_^
Thursday, March 7, 2013
Subscribe to:
Post Comments (Atom)
oya kiwwata mama nam comment danne naha
ReplyDeleteඑතකොට ඔය දාල තියෙන්නෙ :O
Deleteහිහ් හිහ්... හෙහ්... මරු කවි සිතුවිලි තමා... එල එල... ලොවෙත්!
ReplyDeleteඈ මේ මම අහන්නමයි හිටියේ.. අර දිවේ ෆොටෝ එක කොහෙන්ද ගත්තේ...
හෙහ් හේ :D :D තැන්ක්ස් ඇ ඒක ඉතිං ගූගල් දෙයියංගෙං තමා ගත්තෙ ^_^
DeleteThis comment has been removed by the author.
ReplyDeletewenas matrukaawak hithapu ekenma uba dinum!
ReplyDeleteහෙහ් හේ උබ මොකො අද ඉංගීසියං කොටලා :O
Deleteදිව මාර රහයිනේ බං මල්ලි. මං කිව්වේ කවි ටික.. :)
ReplyDeleteඑල එල..! දිවත් ලේසි නෑ බලාගෙන යනකොට. සෑහෙන වැඩ ටිකක් කරනවා නේ.
දිව නැති උනොත් අපිත් නෑ වගෙ තමා :)
Deleteනියමයි මචෝ
ReplyDeleteපිට් තමා ඈ :)
Deleteශම්මියට දාපු කමෙන්ට් එකෙන් මේ පැත්තට ආවේ..
ReplyDeleteජය වේවා !
අම්මපා වෙන වැඩක් නෑනේ,, :P
Deleteසෑම් අයියා මෙහෙට සාදරයෙං පිළිගන්නවා ඈ :D @ ශම්මියො වෙන වැඩ නැති නිසා නෙ ඇවිල්ලා තියෙන්නෙ :D
Deleteමේක දැක්ක ගමන් එෆ් බි එකේ කමෙන්ට් කොලානේ බං ආයේ ඕන නැහැ. ඔන්න ෆලෝ පාරක් නම් දැම්මා :3
ReplyDelete:3 එහෙම හරි මතක් උනානෙ :D
Deleteකොහෙන් එන අදහස්ද බොල මේවා... :O
ReplyDeleteඔලුවෙං එන එවා තමා :D
Deleteඑලෑ... :D
ReplyDeleteකල යුතුය සෑම කල්හිම
ReplyDeleteමනා කොට රැකගැනුම
නොමනා කිසිත් තැන
නොයොදවා ගරු කෙරුව
තොලකට උනත් ලංවෙන්නෙ දිව ළඟය
ReplyDeleteවැඩි පුර උනත් නැට වෙන්නේ කත ළඟය
දිව රැක ගත්තේ නැත්නම් මරණය ළඟය
(මීයා කියයි මෙසේ)