මියාට හිතුනු කවි සිතිවිලි

Wednesday, March 20, 2013

෴ සතුට ෴

මගේ බිලොග් එකෙ නම මීයාගෙ රස කතා උනාට ඇති රස කතාවක් නෑනෙ ඉතින් මං හුඟ කාලෙකින් කතාවක් නොලියපු හින්ද කල්පනා කල අද පොඩ් කෙටි කතාවක් ලියන්න හරි හරි එවාගෙං වැඩක් නෑ අපි කෙලිංම කතාවට බහිමුකො මෙන්න මේකයි කතාව..........

මාර්ගය දෙපස වූ සුපිරි වෙළදසැල් මෙන්ම පදික වෙදිකාවෙහි අටවාගත් කුඩා වෙළදසැල්ද ජනී ජනයාගෙන් පිරී ඉතිරී තිබුණි .ඇඳුම් ආයිත්තම් විකිණිමට කෑගසන වෙළඳුන්ගේ හඬට කේවල් කරන ගැහැනුන්ගේ හඬ මුසුව එය තරමක කළ එළි බසින අහස් කූරු ,නිලා කූරු වලට ලැබී ඇත්තෙ හොද ඉල්ලුමකී . උදාවන නත්තල් උත්සවය මහට් ඉහළින් සැමරීමට බොහෝ දෙනා උනන්දු වන අයුරු ලක්ශාණි නිරීක්ශණය කලාය.

බස් රථ කිහිපයක් පැමිණියත් ලක්ශාණි ඒවාට ගොඩ නොවූයේ දැඩි තදබදයක් තිබුණා බැවින් තම ඇඳුම් පොඩිවේ යයි බියවූ බැවිනි . එමෙන්ම ඇයට සම්මුඛ පරීක්ශණයට පෙනී සිටීමට තවත් කාල වේලාව ඉතිරිව තිබුණි . අත තිබූ ලිපි කවරය පෙරළා බැලූ ඈ අදාළ සහතික සියල්ල තිබේදැයි නැවතත් පරික්ෂා කොට බැලූවාය සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ ලිපිය දකින විට ඇයට දැනුනෙ  සතුටකී එයට අවශ‍‍‍‍‍ය්‍ය තරමටත් වඩා සුදුසුකම් ඇති බැවින් රෑකියාව අනිවාර්‍ය්‍යයෙන් තමාට ලැබෙන ඇතැයි ඇයට දැඩි විශ්වාසයක් විය ආත්ම ශක්තියෙන් මෙන්ම ඇඳ සිට අලුත්ම ඇඳුමෙන් ලැබුණ ලැබුණ වැදගත් පෙනුමෙන් ඇගේ සිත පුබුදුවා තිබුණි

තමාට මඳක් එපිටින් බස් නැවතුමෙ රෑදී සිටි ගැබිණි කාන්තාවක මහත් අපහසුවෙන් පසුවන අයුරු ලක්ශාණි දුටුවාය දුර්වර්ණ වී ගිය බාල වර්ගයේ ඇඳුමක් ඇඳ සිටී ඇය පයලා සිටියෙ බෙහෙවින් ගෙවී ගිය පරණ සෙරප්පු යුගලයකී .ඇගේ මුහුණ විඳ ඇති දුක් ගැහැට පිළිබිඹු කරන කැඩපතක් බඳු විය . ඇගේ පෙනුම මෙන්ම ඈ පත්ව හිඳින අපහසුතාවය දුටු ලක්ශාණිට ඇතිවූයේ අනුකම්පාවකි . ඇය අවට සිටි කිහිප දෙනෙකු වෙත ගොස් යමක් විමසා සිටියත් ඔවුන් ඇයව නොසළකා හරින අයුරු ලක්ශාණි දුටුවාය . තවත් මොහොතකින් ඇය විලි රුදාවෙන් මෙන් දගලමින් අසල තිබූ වෙළඳ සලක දොරටුව අසල බිම ඉඳගත් විට එහි සේවකයෙක් ඇයව බැණ එලවා දැමිමේ අශෝභන ලෙස බැණ වදිමිනි

ඈ වැදගත් පෙනුමෙන් යුතු කාන්තාවන් කිහිප දෙනෙකු වෙත ගොස් යාමට පිහිටවන ලෙස බැගෑපත් ලෙස ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් ඇයට අනුකම්පා සහිත බැල්මක් හෝ නොලැබුණි . නත්තල් උත්සවය වෙනුවෙන් මිලදී ගත් රෙදි පිළි ආදියෙහි බර දරා සිටි ඔවුන් තවත් කෙනෙකුගේ බර දැරීමට කැමති වූයේ නැත . පැමිණෙන බස් රථවල මිනිසුන් තෙරපී සිටි ආකාරය අනුව ඇයට ඒවාට ගොඩවීම අසීරු වූවා මෙන්ම ඇතැම් කොන්දොස්තරවරු ඇයව නංවා ගැනීමට කැමති වූයේද නැත කුලී රථයක යාමට ඇයට මුදල් නැති බව පැහැදිලිය . මරියා මව්තුමිය ජේසුබිළිදු බිහිකීරීමට තැනක් සොයමින් බෙත්ලෙහෙම පුරා ඇවිද ගිය අයුරු හදිසියේම   ලක්ශාණිගේ මනසෙහි ඇදී ගියේය . හැම තැනකින්ම දොරගුලු වැසි ඇයට බිළිදා බිහිකිරීමට සිදුවූයේ ගව මඩුවකය . එවෙලෙහි මරියතුමියගේ තනියට ජූසේ තුමා හෝ සිටියේය දෙනෝ දහක් මැද වූවත් තමාගේ යයි කිවහැකි කාත් කවුරුවත් නැති මෙම කාන්තාව එයටත් වඩා අසරණයයි  ලක්ශාණිට සිතුණි .

එම කන්තාව අසලට ගිය  ලක්ශාණි  තොරතුරු විමසා ඇයව ත්‍රිරෝද රථයකට නංවාලූයේ රෝහල වෙත යාමට අවශ‍ය ගාස්තුව ගෙවීමට සූදානම්වෙමිනි . එහෙත් ඇගේ බැරෑරුම් තත්වය දුටු ත්‍රිරොද රථ රියදුරු ඈ පමණක් තනිව රෑගෙන යාමට කැමති වූයේ නැත. මාරකරුවෙක් නැතුව ඇයව රෑගෙන ගොස් එවන් අවදානමක් දැරීමට ඔවුහු කැමති නොවූහ.

 ලක්ශාණි  පත්වූයේ මහත් දෙගිඩියාවකටය . අත බැඳි ඔරලෝසුව බැලූ ඈ රෝහලට ගොස් සම්මුඛ පරීක්ශණය ඇති ස්ථානයට යාමට යන්තමින් වෙලාව ඉතිරිව ඇති බව දුටුවාය .එහෙත් මාර්ග තදබදය ඇති ආකාරය අනුව ඒ ගැන විශ්වාසයක් තැබිය නොහැක .ඉල්ලුම් කර තිබූ රෑකියාවට ඇය තුල තිබූනේ  දැඩි කැමැත්තකී .සම්මුඛ පරීක්ශණයට කැඳවා තිබූ වෙලාවට නොගියොත් කොතරම් සුදුසුකම් තිබුණත් ඔවුන් තමාගැන නොපැහැදෙනු ඇත. කාන්තාවගෙ කෙඳිරිය නැවතත් තීව්‍ර වන විට ත්‍රී රෝද රථයට ගොඩවූ  ලක්ශාණි  ඈ අසලින් අසුන්ගෙන වහා රෝහල වෙත යන ලෙස රියදුරුට කීවාය.

හැකි වේගයෙන් රෝහළ වෙත යාමට රියදුරා උත්සහා ගත්තත් මාර්ග තදබදය නිසා එය පහසූ වූයේ නැත .අදාළ වෙලාව ඉක්මවා යමින් තිබෙනු දැක  ලක්ශාණි ගේ සිත තුල ඇතිවූයේ  වේදනාවකී .රෝහල ආසන්න වන විට එම කාන්තාව රිය තුළම වමනය කරේ   ලක්ශාණි ග් ඇදූම්වල පවා විසිරෙන අයුරිනි . කාන්තාව හඬමින් ඇගෙන් සමාව ඉල්ලූවාය සම්මුඛ පරීක්ශණයට සහභාගි  වීමේ අදහස අතහැර දැමූ ඈ රෝහලට ආසන්න බැවින් තවත් ටික වේලාවකින් වේදනාව දරාගන්න ලෙස කියමින් කාන්තාව අස්වැසුවාය . රොහලට ඇතුළු කළ වහා ඇය සූත්‍රිකාගාරය වෙත ගෙන යනු ලැබුනි ඈ නැවත වට්ටුව වෙත රෑගෙන එන තෙක්   ලක්ශාණි රෑදී සිටියේ විස්තර විමසා නිවැසියන්ට දැන්වීමෙ අදහසිනි. අමනය පැල්ලම් සහිත ඇදුම්වලින් සැරසී සම්මුඛ පරීක්ශණයට සහභාගී විය නොහැකි බැවින් හදිසිවීමට කාරණයක් නැත . පැයකට පසු ඇයව වාට්ටුව වෙත රෑගෙන ආවෙ කුඩා බිළිදෙකු සමගිනි .එම බිළිදාගේ මුහුණ් දුටු විගස තමාට අහිමි වී ගිය රෑකියා අවස්ථාව ගැන  ලක්ශාණිගේ සිතේ හටගත් වේදනාව වහා මැකී ගියේය . තමා පිහිට නොවූයේ නම් දෙනෝදහක් යනෙන මහමග මැද දරුවා බිහිවී එම කන්තාව කොතරම් අසරණ වේදැයි  ලක්ශාණි ට සිතුණි

සිද්ධිය ඇසූ   ලක්ශාණිගේ හිත මිතුරන් බොහෝ දෙනෙකු ඇයට දොස් පැවරුවා විනා එම සද්කාර්යය අහය කළේ නැත . ලෝකයාට පිහිටවීමට පෙර තමන්  ගැන බැලිය යුතු බව ඔවුන්ගේ අදහස් විය . බොහො දෙනෙකු එකම දෙය කියන විට ඔවුන් පවසනා ලෙස තමන් සැබෑවටම මෝඩියෙක්දැයි  ලක්ශාණිට නොසිතුනාද නොවේ .

නත්තල් අසිරිය මැකී කාලය සෙමෙන් ගෙවී යමින් තිබුණි . දිනක් නගරයට ගොස් එනවිට තමන්ගේ නමට ලිපියක් තිබෙනු දැක  ලක්ශාණි කුතුහලයට පත් වූවාය. එම ලිපිය එවා තිබුණෙ ඇය කළින් රෑකියාවට අයදුම් කළ ස්ථානයෙහි .ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයෙ අයදුම්කරුවන්  ඉදිරිපත් නොවූ බැවින් එම පරීක්ශණය නැවතත් පැවැත්වීමට තීරණය කළ බව දන්වා තිබූ අතර එයට නැවතත් සහභාගි විය යුතු දිනය සඳහන් කොට තිබුණි . තමා ඉදිරිපත් කළ බව දන්වා අයදුම්පත ගැන ඔවුන්ගේ විශේශ අවධානය යොමුවන්නට ඇති බව  ලක්ශාණිට සිතුණී . ඔවුන් නැවතත් තමාව කැඳවා ඇත්තෙ එබැවින් වන්නට ඇත එවේලේ තමා පිහිට වූ කාන්තාවගේ සහ අලුත උපන් බිළිඳාගේ මුහුණ  ලක්ශාණිගේ මතකයට නැගෙද්දී ඇගේ සිත මහත් වූ සතුටකින් පිරී ගියේය




ප.ලි - තිබෙන කාර්යබහුලත්වය සමහ වචනවල සුලු සුලු  අඩුපාඩු ඇති බැවින් එයට සමාව භාජනය කරනු සේක්වා.....

22 comments:

  1. ඇත්ත සමාව දුන්නා...අකුරු වල වැරදි වලට... යස අගේට ලියන්න හැකි එකා මේ වගේ දේකදී වෙලාව අරන් ලියන්නේ නැති එක හොද නෑ. බොල.. වෙලාව අරන් ලිව්වනං බෝක්කටම දෙන්න තිබුනා සුපිරියටම. උත්සාහය හොදා.. ඒක තව නිර්මාණ බිහිවීමේ පෙරනිමිත්තක්..

    ReplyDelete
    Replies
    1. :\ ආණ්ඩුවෙ වැඩ නෙ බං සික් අයියො

      Delete
    2. ඇයි බොල ආණ්ඩුවේ වැඩ කරන උන්ට හරියට ලියන්න එපා කියල තියේද

      Delete
  2. //මාරකරුවෙක් නැතුව ඇයව රෑගෙන ගොස් //

    මේ අපේ මාරයා ගැනද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. එ කවුද බොලෙ ඒ මාරයා

      Delete
    2. මූ බබා...
      ඕං බ්ලොග් කොරනවනං අර මුණුපොතේ හැම වෙලේම ලොල් නොවී ඉදං අපේ බ්ලොග් රෝල් වල තියෙන ඒවා බලහං නැතිනං මාතලං ගේ සින්ඩිය, අපි අපිට සින්ඩිය, හත්මාළුව, සන්දේශය බලහං.. නිකං තෙපර බාන්නේ නැතිව... නැද්ද අයිලාෂ් අයියා

      Delete
  3. ඇත්තටම හොද පණිවිඩයක් දෙනව මේකෙන් දිලුම්..
    කාන්තාවට දැන් ලැබෙන්නෙ සතෙකුටත් අන්ත තැනක් සමාජයෙන්.තව දෙයක් තියෙනව.කැත විදියට හැසිරෙන ගැහැණුත් නැත්තෙ න්ඇ. ඇති තරම් ඉන්නව. අන්න උන් ඉන්නකල් මේ සමාජෙ නරකයි කියල ලේබල් වුනු පිරිම් හදන්නත් බැ, කාන්තාවට ලැබෙන්න ඕන තැන ගන්නත් බැ..
    නියමයි කතාව

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ කියවපු හොදම කතාවක්... හොද පණිවිඩයක්,, මමත් යන්න තියන ගමන් නවත්තලා ඔය වගේ වැඩ කරලා බැනුම් අහන වෙලාවල් තියනවා,,හැබැයි තාත්තා නම් බනින්නෙ නෑ,,

    ReplyDelete
  5. හ්ම්ම්..සමාජයට දෙන්න හොඳ පණිවිඩයක්....

    ReplyDelete
  6. හොදම පණිවිඩයක් ..නමුත් මෙතන උනත් කීයෙන්
    කී දෙනෙක් ඔහොම කරාවිද දිලුම් ..හරිම බොරු සමාජයක්
    මේ තියෙන්නේ ...කමක් නැහැ ටික ටික හරි ගොඩ එමු..
    දිගටම ලියන්න දිලුම් ...

    ReplyDelete
  7. නියමයි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අනේ කොල්ලෝ අකුරු ටිකක් ලොකු කරපන් අපි වගේ නාකියන්ට කියෝගන්න අමාරුයි.. අමාරුවෙං වුණත් කියෙව්වා ඉතාම හොදයි.

    ReplyDelete
  9. කතාව නම් නියමයි මියෝ. පොඩ්ඩ එහා මෙහා වෙනකොට කෙහෙවලු පටලෝ ගන්න අපේ ගෑනු ඔය වගේ වෙලාවක ඉන්ටර්විව් එක පැත්තක දාලා ඔහොම කරයිද බං.:/
    අකුරු ටික පොඩ්ඩක් ලොකු කොරපන්කෝ....

    ReplyDelete
  10. ඔහේ පලයන් උඹද මේ කොස් ඇටයා?

    ෂෝයි කතාව බන් කරපු හොඳ වැඩ ගැන කවදාවත් පසු තැවෙන්න හොඳ නැහැ ඒවාට රිප්ලයි ලබෙනවාම තමයි.
    එල පෝස්ටුව තව අකුරු ටිකක් ලොකු වුනා නම් තවත් එල.

    ReplyDelete
  11. ඔය වගේ අනුන් ගැන හිතන අය ඉන්නවනම් කොච්චර හොදද??

    ලස්සන කතාවක්..
    ජය වේවා!!

    ReplyDelete
  12. නියම කතාව... හොඳ ආදර්ශයක් ගන්න තියෙන කතාවක්.... ඒත් අද කාලෙ ජීවත් වන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද ඔහොම හිතන්නේ..

    ReplyDelete
  13. ලස්සන කතාවක් මීයෝ... මේ වගේ ඒවා තව ලියන්න...

    ReplyDelete
  14. ඔයා මාව දන්නේ නෑ කීව හන්දා ඔන්න මම ආවා...:)
    ආව හැටියේ අය්යා කෙනෙක් නීල දම් මිටක් අරන් ආවා...:D

    ReplyDelete
  15. අලුත් අවුරුද්දේ මීයාගේ නවාතැනට ද ගොඩවැදුනෙමි.. :) ජය..!!

    ReplyDelete
  16. දිලුමෝ සුබම සුබ නව වසරක් වේවා ...

    ReplyDelete
  17. සුබ අලුත් අවුරුද්දක් වේවා!! නියම කතාව... ජීවිතේට ගන්ඩ ගොඩක් දේවල් තියනවා මේකෙන් සුබ පතනවා උඹට

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)