මියාට හිතුනු කවි සිතිවිලි

Thursday, March 7, 2013

෴ දිව ෴

දත් තිස් දෙකක් මාද පිහිටා ඇති                   දිවට
කෑමට මෙන්ම බීමට උරදෙන                       මුලට
ඉදුරන් පසෙන් තැනදිය යුතු පල                    මුවට
එය කොට උනොත් ගොලුවා කියනව            අපට

ඕපා දූප බොරු කේලම් දෙසී                          මට
උප දෙස් මෙන්ම එන අදහස් දෙඩි                  මට
පණි විඩ රහස් ඉඟියෙන් හැඩ යැව්                  මට
නැතිව බැරිම දෙය දිවවෙයි ඉරි                       මට

කට බොරු කීවමුත් දිව බොරු කියන්              නැත
පෙරසිට පැවත එන කියමන මැකෙන්              නැත
දිව මත කටු ගසා නෙක දෙව් වරුන්                 වෙත
පුද පූජාද දෙන අය ඉදිරියෙන්                           ඇත

මිනිසාට සතාහට සිව්පා සතුන්                           හට
උපතින් දිවක් ඇත දිවිමග හෙවත්                     නට
දිව දෙක බැගින් ඇති තලගොය හැරෙන්           නට
කබරයෝ සිකනලෝ නැතුවද පෙනෙන්            නට

මුද්දර ලියුම් කවරය අලවන                              වැඩට
එලෙසම තවත් නොකියන නොපෙනෙන          වැඩට
නැතිවම බැරිම දෙය දිවවෙයි යට                      උඩට
එය පින වන්න ගොස් වැටෙනව මඩ                  ගොඩට

දස්කම කතිකයට රන්දිව නමැති                        නම
ලැබගෙන තිබේ කරලියේ හඩ නගපු                  මම
පිරිසිදු සිතින් උත්තම දිව රකින                         හැම
ලැබ ගත හැකිය සිරිගර රස බලපු                       වම

දිව රලු උනොත් රස ඉස්මතු                               නොවේය
කොපමණ කතා කළමුත් කොට                         නොවේය
එය කොට උනොත් හඩ පැහැදිලි                        නොවේය
දිව ගිලුනම පණනල පිට                                     නොවේය

හොද හදවතක් ඇත්තට හොද දිවක්                     ඇත
එලෙසම හොදින් ඇසුමට කන් දෙකක්                ඇත
උපතින් ලැබුව රස ගුණ දත් පිනක්                      ඇත
නොමදත් කෙලෙහි ගුණ දිවකට උලක්                 ඇත

දිව ගෑවෙන්න කැක්කුම ඇති දත                          ළඟය
තොලකට උනත් ලංවෙන්නෙ දිව                          ළඟය
වැඩි පුර උනත් නැට වෙන්නේ කත                       ළඟය
දිව රැක ගත්තේ නැත්නම් මරණය                         ළඟය

හැම දුක් ගැහැට එන්නේ දිව                                  නිසාය
බෙල්ලට ලනුව එන්නෙත් දිව                                නිසාය
දිග ඇර ගන්න බැරි ගැටදිව                                    නිසාය
රජකම දිළිදුකමම ද  දිව                                         නිසාය.........^_^





21 comments:

  1. oya kiwwata mama nam comment danne naha

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය දාල තියෙන්නෙ :O

      Delete
  2. හිහ් හිහ්... හෙහ්... මරු කවි සිතුවිලි තමා... එල එල... ලොවෙත්!
    …ඈ මේ මම අහන්නමයි හිටියේ.. අර දිවේ ෆොටෝ එක කොහෙන්ද ගත්තේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ :D :D තැන්ක්ස් ඇ ඒක ඉතිං ගූගල් දෙයියංගෙං තමා ගත්තෙ ^_^

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. wenas matrukaawak hithapu ekenma uba dinum!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ උබ මොකො අද ඉංගීසියං කොටලා :O

      Delete
  5. දිව මාර රහයිනේ බං මල්ලි. මං කිව්වේ කවි ටික.. :)

    එල එල..! දිවත් ලේසි නෑ බලාගෙන යනකොට. සෑහෙන වැඩ ටිකක් කරනවා නේ.

    ReplyDelete
    Replies
    1. දිව නැති උනොත් අපිත් නෑ වගෙ තමා :)

      Delete
  6. ශම්මියට දාපු කමෙන්ට් එකෙන් මේ පැත්තට ආවේ..


    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අම්මපා වෙන වැඩක් නෑනේ,, :P

      Delete
    2. සෑම් අයියා මෙහෙට සාදරයෙං පිළිගන්නවා ඈ :D @ ශම්මියො වෙන වැඩ නැති නිසා නෙ ඇවිල්ලා තියෙන්නෙ :D

      Delete
  7. මේක දැක්ක ගමන් එෆ් බි එකේ කමෙන්ට් කොලානේ බං ආයේ ඕන නැහැ. ඔන්න ෆලෝ පාරක් නම් දැම්මා :3

    ReplyDelete
    Replies
    1. :3 එහෙම හරි මතක් උනානෙ :D

      Delete
  8. කොහෙන් එන අදහස්ද බොල මේවා... :O

    ReplyDelete
    Replies
    1. ඔලුවෙං එන එවා තමා :D

      Delete
  9. කල යුතුය සෑම කල්හිම
    මනා කොට රැකගැනුම
    නොමනා කිසිත් තැන
    නොයොදවා ගරු කෙරුව

    ReplyDelete
  10. තොලකට උනත් ලංවෙන්නෙ දිව ළඟය
    වැඩි පුර උනත් නැට වෙන්නේ කත ළඟය
    දිව රැක ගත්තේ නැත්නම් මරණය ළඟය
    (මීයා කියයි මෙසේ)

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)