මියාට හිතුනු කවි සිතිවිලි

Tuesday, November 20, 2012

෴ යථාර්ථය ෴

මා
මිය ගිය බව දැනගත් විට
ඔබ
ඉකි ගසා හඩාව්
හැම දෙන ලොව ඉපිදි
මිය යන බව දැන ගත් විට
ඔබ දෙනෙත් කදුලු පිසදාවි
මගෙ දෙණ 
නිවසට ආ විට
ඔබ
මගෙ මතකයන් හඩගා කියාවි
හත් තුන්මස් අවුරුදු දානය දා
මුලු නිවසම සැණකෙළියක් වෙවි
ඉන්පසු
ඔබෙ ජිවිත පොතෙ
මා
උන්නද කියාවත්
ඔබට
මතකයෙ නොතිබෙවි

 

අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ....:) අදහස් යොජන චොදනා ඉතා සතුටින් බාරගනිමි



13 comments:

  1. මෙකම තමයි යතාර්තයත් ලස්සන පද පෙලක් :D

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් ඇ තැන්ක්ස් ඇ

      Delete
  2. මම මේ අදමයි අවේ..ඇත්තම ලියලා තියනවා...
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙක මෙ ලගදි පටන් ගත්තෙ තැන්ක්ස් ඇ

      Delete
  3. ඇත්තනේ.. ඒකම තමයි වෙන්න ඕනිත්.

    ReplyDelete
    Replies
    1. මි මාමා බොරු කියන්නෙ නැ කියන්න එකනෙ තැන්ක්ස් ඇ ආවට

      Delete
  4. මතක තියාගන්න ඕන නැති දේවල් අමතක වෙන එකමයි හොඳ.

    ReplyDelete
  5. මි මාමා බොරු කියන්නෙ නැ නෙ තංඑන්ක්ස් ඇ මගෙ වාඩියට ඇවිත් ගියාට

    ReplyDelete
  6. hmmmmmmm....tharahk neththam meekath kiyawanna.
    ඉදින් අවසරයි සමුගන්න....

    ජීවන ගමන උපතේ සිට ඇරඹෙනවා
    ඉපදුනු බිලිදා දින ගෙවමින් ලොකු වෙනවා
    කර දඪු උස් වෙලා අත පය සවි වෙනවා
    ඉපදුනු දා පටන් ඔහු වයසට යනවා

    දින සති ගෙවීලා තව කල් ගත වේවී
    කොයි මොහොතක දි හො' මරනෙට කැප වේවී
    දර දඪු වෙලා අතපය සීතල වේවී
    මාගේ ශරීරෙත් දවසක මියැදේවී

    කදුළැලි සලා සො' සුසුමන් හෙලන්නෙපා
    සිත් පාරවා දින සති කල් ගෙවන්නෙපා
    මැරෙනා තුරා මා ගැන කල අනුකම්පා
    හිතවත නොහඩන්න ඉල්ලමි වැද ඔබෙ පා

    හිතවත හිතවතිය මේ ගැන අහගන්න
    මරණය වඩියි විටෙකදි ඔබ නොම දන්න
    ඉන්නා ටික කාලෙ සතුටින් ගත වෙන්න
    සැමටම නුඹට හැකි පමණින් සලකන්න


    නොදරණ නමුත් කහවනු පුරවා අතට
    වදනින් ශක්තියක් විය හැකිනේ නුඹට
    එපමණ උවත් ඇති හැමටම සළකන්ට
    මැරෙනා තුරා හැම හා සතුටින් ඉන්ට

    වඉරය , තන්හාව සන්සිදුවාලන්න
    ක්‍රො'දය ,ආශාව ටික ටික දුරලන්න
    ලොව හැම දෙනට එක සේ මෙත පතුරන්න
    ඉවසීමෙන් දිවිය ගෙන ගොස් ජය ගන්න

    නුඹෙ ජීවිතෙත් මේ දිනයම එළඹේවී
    අත්හැර සියලු දෑ නුඹ යා යුතු වේවී
    දෙලොවට වැඩැති දේ කර තිබුනොත් පේවී
    සැනසුම නුඹවෙතත් නිතෙනින් ලන් වේවී

    අවසර පතමි වෙන්වී යන්නට නුඹගෙන්
    කදුළැලි එපා වැහෙනු නුඹගේ නෙතගින්
    තිසරණ සරණ නුඹලා සැමටම පතමින්
    සමුගමි සැමට අනියත බව සිහි කරමින්......

    සන්කල්පනාව : තනුජා ඉරො'ශණී

    2009/09/08

    ReplyDelete
  7. හි හි ඔක බලන්න තරහ වෙංනෙ ඇයි මොක උනත් ගුප්ත අර්තයක් නෙ තියෙන්නෙ

    ReplyDelete
  8. Sands Casino: Your Online Casino - New Zealanders
    So 바카라 we offer you everything you need to play casino, from video slots to blackjack, live dealer and a choegocasino range septcasino of other fun and exciting casino games to traditional

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)